උණුසුම් පුවත්

වැඩිහිටි නිවෙස්වල වැඩිහිටියන් වෙනුවෙන් ලැබෙන සුළු දීමනාවත් පිල්ලි ගහනව ලු

මේ සමාජසේවා ඇමතිවරයා ගේ අවධානයට යි

 වැඩිහිටි  නිවාස වල  එක් නේවාසිකයෙක් වෙනුවෙන්  දිනක වියදම  සඳහා  සමාජ සේවා  දෙපාර්තමේන්තුවෙන්  ලබාදෙන   රුපියල්  පනහක  මුදලෙනුත් රුපියල්  තිහක්  පිල්ලි යන  බවට සැකයක්  මතුවී ඇතැයි   වැඩිහිටි නිවාස  ආරංචි  මාර්ග  පවසයි. වැඩිහිටි  නිවාසයක නේවාසික  වැඩිහිටියෙක්  වෙනුවෙන්  දිනකට  ලැබෙන්නේ  රුපියල්  විස්සක  මුදලක් බවත්  ඒ පිළිබඳව  දකුණු පළාත්  සමාජ සේවා  දෙපාර්තමේන්තුවෙන්  විමසූ විට දිනකට  වැඩිහිටියෙක් වෙනුවෙන්  රුපියල්  පනහක  මුදලක්  ගෙවන  බව පැවසීමත් හේතුවෙනි

මේ කරුණු පිළිබඳව අදහස් දක්වමින්  එක්තරා වැඩිහිටි නිවාසයක පාලිකා මහත්මියක් මෙසේ අදහස් දැක්වූවා ය. මම  මේ වැඩිහිටි නිවාසයේ  වැඩිහිටියන්  විසිඅට දෙනෙකු ගේ කටයුතු  සිදු කරනවා. දිනපතා ආහාර  වේල් සහ තේ ලබාදීම, ශාලා හා අවට පරිශ්‍රය  පිරිසිදු  කිරීම, මට  පැවරී තියෙනවා. අවු. 80-90 අයගෙන්  වැඩවලට  උදව්  ගන්නත් බැහැ .එහෙම  උදව්  කරන  අයත් කලාතුරකින්  ඉන්නවා .පොඩ්ඩ එහා මෙහා වෙන කොට  වැඩිහිටි  අයගෙන්  බැනුම් අහන්නත්  ඕන" 

වැඩිහිටි නිවාසයක වැඩිහිටියෙක් වෙනුවෙන්  සමාජ සේවා  දෙපාර්තමේන්තුවෙන්  දිනකට ලැබෙන්නේ  රුපියල්  විස්සක්  පමණයි. නේවාසිකයෙක් මිය ගියාම  අවසන් කටයුතු  කරන්න  රුපියල්  හත්දහස් පන්සියයක්  ලැබෙනවා. අපට  පරිත්‍යාග ශීලී  මල් ශාලා හිමියෙකුගෙන් පෙට්ටිය  නොමිලේ  ලැබෙනවා. ඒත්  වළ කපන්න හා පාංශුකූල කටයුතු  වෙනුවෙන්  රුපියල්  දස දහසක්  විතර  වියදම්  වෙනවා. ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිර්දේශය මත  සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන්  තමයි   භාරකරුවෙක්  සමඟ නේවාසිකයන්  එවන්නේ. නමුත්  නේවාසිකයා මියගිය  විට භාරකරු හොයා ගන්න  නෑ. හිටියත් එන්නෙ නෑ. සේවක වැටුප්, ලයිට්  බිල්, නේවාසිකයන් ට බේත් හේත්, හා ආහාර  නොමැති  දිනවලට  ආහාර  සකසා ගැනීම, ආදී කටයුතු  සඳහා  මසකට අපේ වැඩිහිටි නිවාසයට  වියදම  රුපියල්  හැත්තෑ දහසක්  පමණ  වියදම්  වෙනවා. පරිත්‍යාගශීලීන්  දෙන මුදලින් තමයි  ඒවා  පියවා ගන්නේ. එහෙම  තියෙද්දිත්  රජයෙන්  දෙන රුපියල්  පනහෙනුත් කොටසක්  කවුරුන්  හෝ ගසා කනව නම්  එය ජාතික  අපරාධයක්"

අපි ඇගේ නම අනාවරණය නොකන්නෙමු.

ඈ මෙසේ ද කීවාය.

"වැඩිහිටි නිවාස  පාලක සමිතියේ  සභාපති  නිළ බලයෙන්  ප්‍රාදේශීය ලේකම් ය. නමුත්  කවදාවත්  පාලක සමිතියේ  රැස්වීම් වලට  ප්‍රාදේශීය ලේකම්  එන්නේ නෑ.ඒ නිසා එන නිලධාරීන්  මේ ප්‍රශ්න  ගැන  දන්නේ ත් නෑ. නේවාසිකයන් ගෙන්  පැමිණිල්ලක් ලැබුණු විට  ප්‍රාදේශීය ලේකම්  කාර්‍යාලයේ  නිලධාරීන්  පැමිණ  එම පැමිණිලි  ඒක පාර්ශවිකව විභාග  කොට  යනවා. පාලිකාවන් වන අපෙන්  ප්‍රකාශ යක් වත් ගන්නේ  නැතැයි ද  ඇය සඳහන් කළා ය.

  -  ලාල් ගොඩගේ  -