උණුසුම් පුවත්

වැලන්ටයින් පෙම්වතකු බිලි අරන්

වැලන්ටයින් සමරන්න පෙම්වතිය බැහැ කී නිසා පෙම්වතා ළිඳට පැන දිවි නහන්

කිලිනොච්චියේ  ධර්මපුරම් පොලිස් වසමේ  පුලියන්පොක්කනෙයි මුසිරම්පිඩ්ඩි  ප්‍රදේශයේ පදිංචි පෙම්වතකු   ළිඳට පැන සියදිවි හානි ගෙන ඇතැයි  පොලීසිය පැවසීය.

මිය ගිය තරුණයා නිවසේ ඉතා සිත්තැවුලකින් සිටි බවටත් ඊයේ දින සවස කාලයේදී තම දරුවා නොසිටීම හෙතුවෙන් ගෙවත්තේ ළිඳ පරික්ෂා කිරීමේදී එහි තිබී මළ සිරුර හමු වූ බවට මිය ගිය තරුණයාගේ දෙමාපියන් පොලීසියට පවසා ඇත.

තරුණයා මිය යාමට නිශ්චිත හේතුවක් අනාවරනය වී නැතත් පෙම් පළහිලව්වක් හේතුවෙන්  සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සැකපළ කර සිටියි.

මෙලෙස මිය ගිය තරුණයා තවත් තරුණියක් සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන සිටි අතරම වැලන්ටයින් දිනය නිමිත්තෙන් යාපනයට යාම සඳහා කැමත්ත පෙම්වතියගෙන් ඉල්ලා සිටිමේදී ඇය විසින් එය ප්‍රතික්ෂේප කොට බැන වැදීම නිසා දැඩි සිත්තැවුලෙන් සිටි බවටද දෙමාපියන් විසින් පොලීසියට පවසා ඇත.

මෙලස මිය ගොස් ඇත්තේ මුසිරම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි සද්ගුණරාසා ප්‍රදීපන් නැමති 29 හැවිරිදි තරුණයෙකු වන අතර මරණය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

 වන්නි රොමේෂ් මධූෂංක