උණුසුම් පුවත්සාහිත විචාරසාහිත්‍යය හා කලාව වැලිකන්නගේ සූරීහු හෙට දැයෙන් නික්ම යෙති 2024-11-260 මහතලාවේ සම්මානිත ලේඛක රජ රාජ්‍ය සම්මානනීය ලේඛක පියදාස වැලිකන්නගේ මහතා ගේ අවසන් කටයුතු හෙට (27) බදාදා මාතලේ ආදාහනාගාරයේ දී සිදු කෙරේ. ඔහු දිවිසැරිය නිමා කරන ලද්දේ හුවරුදු 90 ක් ආයු වලඳා ඊයේ (25) පෙරවරුවේ මාගලේ රෝහලේ දී ය. 'සුදු සෙවණැලි' මේ යැයි අපට පෙන්වා දුන් පියදාස වැලිකන්නගේ, එයින් ද රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් අගනා මෙහෙයක් කළ දේශප්‍රේමී කෘතහස්ථ ලේඛකයෙකි. පුන්සද වන් පුතු, සුදු ඇත්තන්ට වහන් වී, එයා හරි අපූරු ළමයෙක්, මලක සුවඳ සිව්සිය ගව් ඇසේයා, වැනි ඉතා අගනා වටිනා නිර්මාණ රැසක් හෙළ සාහිත කෙත අස්වද්දමින් දායාද කළ පියදාස වැලිකන්නගේ සූරීන් අත්තිඩියේ ඉපිද හැදී වැඩී ගුරුවෘත්තියට පිවිස මායාරංජන් නම් අන්වර්ථ නමෙකින් ලේඛන කලාවේ නියැළුණු මහානාම රාජපක්ෂ නම් කීර්තිමත් ලේඛකයා, විදුහල්පතිවරයා යතේ දිගාමඬුල්ලේ දී දරුවට අකුරු කළ අති දක්ෂ ගුරුවරයෙකි. හේ දේශපාලන වශයෙනක් තම පියා ගිය අඩි පාරේ ම යෙමින් සමසමාජ පක්ෂය හා බැඳුණු සිතැති ව ගුරු වෘත්තියේ අයිතිවාසිකම් උදෙසා නිබඳව ම සටන් කළ ගුරු නායකයකු විය. පුවත්පත් කලාවට පෙම්බැඳි පියදාස වැලිකන්නගේ නම් පුවත්පත් කලාවේදියා ජනදින පුවත්පත හා කට්ටු සබඳතාවක් පැවැත්වූවෙකි. ලෙ සිළුමිණ පුවත්පත ට එකල පෝෂණය කරන්නට සිය පන්හිඳ ට පණ පෙවූ වැලිකන්නයෝ 1981 ඔක්තෝම්බර් මහේ පටන් දිවයින ඉරිදා සංග්‍රහය ඔස්සේ සිය බරසාර ඒ්ත් සුමග බස් වහරකින් පාඨක දනන් නෙත් සිත් ඇඳ බැඳ ගන්නට සමත්කම් පෑ කෘතහස්ථ ලේඛකයෙකි. සිය දිවිසැරිය නිමා කරන්නට ඔන්න මෙන්න කියා සිටිය දී ද අලුත් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට සැරහී සිටියේ ය. ජීවිතයේ අනු වෙනි සැතපුම් කනුව පියමං කිරීමට පෙර මහතලාවේ ජනී ජනයා ඔහුට මහත් සේ උපහාර කරන්නට ඉකුත් වසරේ ජුනි මස පියවර ගන්නා ලද්දේ මාතලේ මහ දිසාපතිනිය ගේ මඟ පෙන්වීම ඔස්සේ ය. එදා එහි පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය පියදාස වැලිකන්නගේ නමින් පුදන්නට සුබුද්ධික මාතලේ ප්‍රජාව ගත් පියවර ලාංකේය සාහිතකාමීන්ගේ ප්‍රසාදයට හේතුවිය. හෙට දැයෙන් සමුගන්නා වැලිකන්නගේ සූරින්ට අපගේ උත්තමාචාරය හෙළදිව පාඨකයන් ගෙන්. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කවිකාර මඩුව Next Article උසස් පෙළ විභාගය තාවකාලිකව කල් තබයි.