උණුසුම් පුවත්

වැලිගම සභාපති ඝාතනයට ගාල්ලෙනුත් දෙන්නෙක්!??

මේ වන විට සැකපිට හයක් නීතියේ රැහැනින් ගැටගැහිලා

මාතර දිසා අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔවුන් ගාල්ලේ දී ද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැ යි වාර්තාවේ.

ලසන්ත වික්‍රමසේකර මහතා සිය සභාපති පටුවේ අසුන් ගෙන මහජන දිනය පවත්වමින් සිටිය දී ඔහු අසළට ම පැමිණි පුද්ගලයකු ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තවත් අයකු සමඟ පැමිණි යතුරු පැදියෙන් ම පලා යන අයුරු CCTV කැමරාවෙක සටහන් වී තිබුණි. ඉකුත් 22 වැනිදා මේ සාහසික අපරාධය කොට පලාගෙස් සැඟව හුන් වෙඩික්කරු අද (22) සවස මහරගම නාවින්නේ දී පොලිසිය විසින් අල්ලා ගන්නා ලදි.

ඒ අනුව ලසන්ත වික්‍රමසේකර ඝාතනයට යැයි සැක කෙරෙන පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවේ පසුවේ. ඔවුන් අතර එක් කාන්තාවක් ද සිටියි.