වැලිිිිතොට විරුවන්ගේ චරිත ඇතුළත් වැලිතොට - 3, බළපිටිය ග්‍රන්ථය ජුනි 17 වැනි දා පස්වරු 2. 00 ට බළපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයී ය ශ්‍රීමත් ලලිත රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී ඒළිදැක්වේ.
අමරපුර මූලවංශික මහ නිකායේ මහා නායක ශාස්ත්‍රපති පූජ්‍යපාද අහුන්ගල්ලේ විමලධම්මතිස්ස හිමිපාණෝ මෙම එළිදැක්වීමේ උළෙලේ මුලසුන හොබවති.
ප්‍රවීණ පුවත්පත් කලාවේදී අනුර යස්මිත් හා අජිත් අසේල ද සොයිසා ගේ සම සංස්කාරකත්වයෙන් ප්‍රකාශිත වැලිතොට - 3 ග්‍රන්ථය පිළිබඳ දෙසුම පවත්වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් සිදු කෙර්.
කෘතිය පිළිගැන්වෙන්නේ අමරපුර සිරි සද්ධම්ම මහාවංශ නිකායේ මහාලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති බළපිටියේ සිරිසීවලි නා හිමිපාණන් වහන්සේ වෙතයි.