චම්මිගෙන්
ජීවිතය කීවට
බෙදා ගන්නව කියා
අපි අපිමයි
එය දරා ගන්නේ හුදකලාවම
ඒත් අපි හිත ඇතුළෙ රඳවන් ඉන්න
සුන්දර මතක
නෑ කරන්නේ අපව තනී ....................!!!
මං දන්නේ නෑ ඇයි එහෙම මට ලියවුණේ කියලා.
ඒත් මේ වෙද්දී ඇතෑම් අයගේ සුන්දර මතක රුදුරු විදියට වැස්ස උදුරා ගනිමින්.
ඊට පෙර අපි අතිනුත් එහෙම වෙලා ඇති. අපිටත් එහෙම කරලා ඇති.
වැස්ස ගැන සොඳුරුමය ච්න්තාවන් මැවු අපිම එහි රුදුරු බව අත් විඳිමින් අද.
ඒකත් හරියට සොඳුරු මතක දුන් අයම දුන්නු (A )මනුස්සකම් වගේ කියලත් හිතෙනව නේද?
ඒ රුදුරු බවේදී අපි දුටු නුවර වැස්ස, කොළඹ වැස්ස, හන්තාන වැස්ස, යාල්පානම් වැස්ස කියල නෑ ප්‍රභේදයක්!
අර චරිතවල නම් වගේමයි නේද?
ඒ සොඳුරුමය වැහි සිත්තම ම අද මවනවා රුදුරු ගොර බිරම් වූ මරණ බිය!!
ඒකත් හරියට ආදරයෙන් සිප සනහා හිස තැබූ ළය හිමි අයම පසුව ඒ ළෙන්ගතුව තූ තූ කොට ඉරා දමන්නාක් මෙන්. එහෙම වුණා ම ඉතිරි වෙන්නේ හද පත්ලක සැඟව ගිය සුන්දර මතක පමණයි .
ඒත් එහෙම දකින්න පුළුවන් වෙන්නේ ජීවිතය දිහා නිවී පහන්ව ගිය හැඟුමක් ඇති අයෙකුට පමණයි.
නැතිනම් හදතුළ බුර බුරා නැඟෙන අසාධාරණයේ ශෝක ගිනි ජාලා මැද සොඳුරුමය වූ විඳීම් සිහිකරන්න බැරි වේවි.
ඒත් මේ සියල්ලම සිදුවෙන්නේ ඉර හඳ පායන අපම වෙසෙනා ලෝකයේ නොවෙද කියා අපිට හිතෙන්නේ බොහෝ පමා වෙලානම් එවිට කෝච්චිය ගිහිල්ලා.
"කුස ගින්නේ ඉන්න අයෙකුට දහම් දෙසන්න පෙර කුස ගිනි නිවන්න" කීවේ බුදුන් වහන්සේ.
ඒ වගේ සොවින් තැවෙන සිත්වලට ඇවැසි වන්නේ එසේ වීම ගැන අටුවා ටීකා නොවෙයි.
වෙච්චි දේට විසඳුම් හා සැනසුම.
ඒ වගේම ඒවා යළි නොවීම!
ඒත් ඒවා කරන්නත් ජීවිතය රැඳී තිබෙන්නට ඕනෑ. එහෙම නැත්නම් වෙන්නේ හානිය ප්‍රතිපූරණ කරන්න නොව සහනයක් සළසන්නට දෙන දේ හිමි කර ගැනීමේ සටනක්.
එය ගහෙන් වැටුණු මිනිසාට අණින ගොනා සිහිකිරීමක්.
ඒ නිසා කොයිතරම් සුන්දර මතක තිබුණත් ඒවා බොහෝවිට ජීවමාන වෙන්නේ සියල්ල යහපත්ව සිදුවෙන තෙක් පමණයි.
අපි ඒක අවබෝධ කර ගන්නා තෙක් දුවන්නේ පිපාසාවෙන් ඇස් බොඳ කරගෙන.
ඒ නිසා විඳින්න නම් සිත පහන් කරගත යුතු නොවේද?
එවිට අපිට අනෙකා හොඳින් දැනී යයි.
අපිට අපිවම බෙදා ගත හැකියි.
අපිට අපිවම කණපිට පෙරළා බලා ගත හැකියි.
අපි අපවම නොදැක අනෙකාට විනිශ්චයක් දීමට යාම කරන්න බෑ.
මොකද මේ ඉන්නේ අපි Artificial Intelligence විංශතියේ.
ඒක මට දැනෙන්නේ ඊශ්වර විංශතියට වඩා භයානක වෙන අවස්ථා වැඩියි!!??
වැස්සත් අව්වත් හදින් දරා ගෙන
දුකත් කඳුළත් පිටව යන සුසුමක්ම කරගෙන
එකට බැඳී අපි ඉමු මිතුරු!!
එකට බැඳී ඉමු මිතුරියනේ . ................!!!.

චම්මින්ද වෙලගෙදර .
27-11-2025.
=============

මතක
හිමිදිරි උදේ පිපි සුවදැති මලක් වගේ...
සුමිහිරි වදන් ගොත ගහ ගහ කියන රඟේ...
අරුමෙකි ආදරය කොපමණ කළත් දඟේ...
ඉමිහිරි මතක ගොන්නක ප්‍රතිඵලය මගේ...
සිහිල් සුළං සළු පිළි හැඳ පැලඳ ගෙන...
සුපෙම් හාදු මල් වසිනා උදෑසන...
ජීවිතයේ මිහිරි මතක ඔතා ගෙන...
සාමය යදිමු විශ්වයේ බල යොදා ගෙන...
ඇන්ජලා පැල්පොළ
=============
හිරි ඔතප්..
බිදුණු කඑවර..
නුඹට මතකද?
මාව අදුරට..
සිනිදු සේලය..
මුවා කළ ලැම..
පසඟ රහසට..
දැගඑ මුල්පෙම..
තාම රිදවන..
කදුළු නැතුවට..
හදම උදුරා..
පිරුණු මුල් පෙම..
සිහින ලොවකට..
ඵක්ක ගිය නුඹ..
දමා මතකය..
අළුම කළ රැය..
අඩන හුස්මට..
සිහින දෙවිදුව..
ගිලන් දෙනුවන්..
මුදා හැර පෙම..
බලා ඉන්නට..
අවසරයි මට..
රිදුනු ප්‍රේමයේ..
මතක පිටපත..

