වික්ටොරියා ජලාශයේ වාන් දොරටු 6 අරියි
තත්පරයට ඝණ අඩි 17500 බැගින් රන්දෙණිගල ජලාශයට මුදාහරිමින් පවතී.
දොරටු දැනට පැය දෙකක් පුරාවට මෙසේ විවෘතව පවතින අතර ඉදිරි පැය කිහිපය පුරා ද මෙම තත්වය පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.
මහවැලි ගඟේ ගලා එන අති විශාල ජලකද හේතුවෙන් සහ හගුරන්කෙත හා වලපනේ ජල පෝෂිත ප්‍රදේශ වලට තව දුරටත් වැසි ඇද හැලෙමින් ඇති හෙයින් මෙම තත්වය බලපවත්නා බව ජලාශයේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු උදිත ඒකනායක මහතා කිය යි .රන්දෙණිගල ජලද්ශය ද, රන්ටැඹේ ජලාශය ද මේවනවිට වාන් දමමින් පවතී.
---------------------------------

හඟුරන්කෙත, අධිකාරිගම මාර්ගයේ, පිහිටින්න මල්උල්ල වැව, වහාම හිස්කර දැමීමට, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. පසුගියදා ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්, මෙහි වේල්ල මතින් ගමන් කරන, මාර්ගයට පහළ කොටසේ නාය යෑමක්, ගිලා බැසීමක් සහා ජල කාන්දුවක් සිදුවී ඇති හෙයින්, පහළ ජීවත් වන ජනතාවගේ ආරක්ෂාව පිණිස, වැවේ ජලය මෙසේ ඉවත් කරයි.
ඊයෙ පෙරවරු කාලයේ සිටි අද දවසේ ද ප්‍රදේශයට වර්ෂාව, පතනය වන අතර වැවට එක්කස් වන ජලය ඉතා අවදානම්කාරී බැවින්, මෙම පියවර ගත් බව අදාළ වගකිවයුතු අංශ ප්‍රකාශ කරයි.
-
ඡායාරූප - සුනේත්‍රා ගුණසිංහ
