උණුසුම් පුවත්දේශපාලන

විජයදාසත් පොරපිටියට

තරග කරන්න ඇමති තනතුරෙන් ඉවත් වූයේ ගිය සතියේ

ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු සේ පොරට එක්වීමට අද ඇපමුදල් බඳින ලදි. 
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී ඔහු ඇප මුදල් බැන්දේ ය.
හිටපු අධිකරණ, බන්ධනගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමතිවරයා ද වූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම උදෙසා ඉකුත් සතියේ සිය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වූයේ ය.
විජයදාස මහතා තරග වදින්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙසයි.