චන්ද්රිකා පිළ ට පරාජයක් ද?
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්රිකා - සිරිපාල පිළේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෛත්රී පිළේ සභාපති ජනාධිපති නීතිඥ, අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගේගේ තනතුරට එරෙහිව ඉල්ලූ තහනම් නියෝගය අධිකරණය විසින් අද ප්රතික්ෂේප කරන ලදි.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම නිශ්ප්රභා කරන ලද්දේ ඒ ගැන සලකා බැලීමෙන් අනතුරුව යි.
පැමිණිකාර දිසානායක මහතා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම වූයේ සභාපති විජේදාස රාජපක්ෂ හා එහි මහ ලේකම් සේ ඉකුත් සතියේ පත්කර ගන්නා ලද මහ ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහතා ද පත් කිරීම වළකාලමින් වාරණ නියෝගයක් ලබා දෙන ලෙසයි.
උක්ත තීන්දුව ප්රකාශ කළ ද පැමිණිල්ල සංශෝධනය කර යළි වාරණ නියෝගයක් උදෙසා කරුණු තහවුරු කිරීමට පැමිණිලිකරුට අවස්ථාව ඇති බව ද විනිසුරු සඳුන් විතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පවතින මේ අර්බුදයෙන් හිටපු ජනාධිපතිනි ය හා හිටපු ජනාධිපති මෛත්රීපාල දෙදෙනා ගේ කණ්ඩායම් පක්ෂයේ බලය ඩැහැ ගන්න දරණා උත්සාහය හමුවේ පාක්ෂිකයින්, හිතවතුන් හා ආධාරකරුවෝ ද අන්දමන්ද වී සිටිති.