උණුසුම් පුවත්දේශපාලන

විජේදාස රාජපක්ෂ ජනපති හටනට??

යෝජනාව ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවෙන්

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කරනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග අතරේ කතාබහක් ඊයේ සිට පවතිමින් ඇත.

ඒ විජේදාස රාජපක්ෂ මහතා විසින් පෙරේදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ රැස්වීමකට විශේෂ දේශනයක් කරන්නට කෙරුණු ඇරයුමක් අනුව එම දේසුම පවත්වන්නට ඔහු එක්වූ අවස්ථාවේ එහි නායකත්වයෙන් කෙරුණු ඉල්ලීමක් නිසාවෙනි.

එම දෙසුමෙන් අවසන ඔහු වටකර ගත් මාධ්‍යකරුවන් කළ විමසුමේ දී රාජපක්ෂ මහතා පැවසුවේ කරන ලද ඉල්ලීම කෙරෙහි සිය අවධානය සලකා බලන්නට තව කල් ඇති බවයි.