විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුයි - වෛද්‍ය නලින්ද
“විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුයි කියන ස්ථාවරයේ රජය ඉන්නවා. දෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා, කිසිසේත් විදුලි බිල වැඩිවෙන්නේ නැහැ" යනුවෙන් සෞඛ්‍ය හා ජනසන්නිවේදන හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර යි.
විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුය යන්න රජයේ ස්ථාවරය හෙයින් කිසිදු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන්නේ යැයි ජයතිස්ස මහතා පවසන ලද්දේ අද පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ සාකච්ඡාවේ දී ය.
කර්මාන්තවලටත්, ගෙවල්වලටක්, හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ ඔබ ගෙවපු විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ඔබට ලැබේවි. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් කී ය.