රුපියල් බිලියන 15.8 ක මූල්‍ය පරතරයක් පියවා ගන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ලු
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලදි.
පෙබරවාරි 13 වන දින ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා වන කාලසීමාව තුළ 13.56% ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන වග විදුලි බල මණ්ඩලය සදහන් කරයි.
ඉහත සඳහන් මාස තුනක කාලය තුළ විදුලිබල මණ්ඩලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ගණන් බලා ඇති රුපියල් බිලියන 15.8 ක ආදායම් හිඟය මීට හේතු කාරණාව සේ ඔවුන් දක්වා තිබේ.
ඔවුන් ගේ ඇස්තමේන්තුගත සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 136.5 කි. පවතින ගාස්තු වලට අනුව අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 116.9 ක් බව මණ්ඩලය කියයි. ඒ් අනුව රුපියල් බිලියන 15.8 ක මූල්‍ය පරතරයක් පියවා ගත යුතු බව ද ඔවුන් කොමිසමට දන්වා ඇත.
