එය රට වැසියාට බරපතල ලෙස බලපා හැකියි, එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කොට එහි කටයුතු, අලුතෙන් පිහිටුවන සමාගම් 6 කට පැවරීමට රජය ගෙන ඇති තීරණය, ක්‍රියාත්මක කිරීමට පෙර එහි සේවක ප්‍රශ්න හා බල ශක්ති ප්‍රශ්න, විසඳන ලෙසත්, එසේ නොකළහොත් මාර්තු 01 වනදා සිට, වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.
තම ඉල්ලීම් නොතකා රජය විසින්, විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් පත්‍රය, නිකුත් කළ හොත් ඉදිරි පැය 48 ඇතුළත, වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවත්, මේ දිනවල පැවැත්වෙන අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගය අවසන් වීමෙන් පසු, මේ වෘත්තීය ක්‍රියා මාර්ගය ඇරඹීමට, බොහෝ දුරට ඉඩ ඇති බවත්, විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයෝ පවසති.
තමන් වෘත්තීය ක්‍රීයාමාර්ගයකට ගියහොත්, එය රට වැසියාට බරපතල ලෙස බලපා හැකි බවත්, එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත්, විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විධායක සභික ඉංජිනේරු සදරුවන් මංචනායක මහතා ප්‍රකාශ කළේ ය.
