ආර්ථිකඋණුසුම් පුවත්

විදුලි බ්ල වැඩි කරන්න වේවි – ඇමති කියයි

වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතුණොත්   විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවිය හැකි යැ යි   බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ය.
විදුලි ගාස්තු 20% කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝ විට විදුලි ගාස්තු වැඩිකරන්න ඉඩ තියේයැ යි ජයකොඩි අමාත්‍යවරයා කී  ය. 

''අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට  මේක පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා. ඒත් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා"

"විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා, කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06 ට ගන්නවා. ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ"

එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා. ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46 යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42 ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.” යැයි ජයකෛාඩි මහතා වැඩු දුරටත් කීවේ ය.

අමාත්‍ය ජයකොඩි මහතා මෙහෙම අදහස් දක්වන ලද්දේ මාතලේ පැවති සාකච්චාවක දී ය.