උණුසුම් පුවත්කාලීන

විදුලි සංදේශ සේවා සංශෝධන පනත් කෙටුම්පත සම්මතයට නම්……

ඇතැම් වගන්ති විශේස බහුතරයකින් සම්මත කළ යුතු යි

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වියයුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යොමු කරන ලද තීන්දුව අද පාර්ලිමේන්තුවට දැන්වූයේ ය .

පනත් කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන්නේ යැ යි කී කථානායකවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවත් එම තීන්දුවේ සඳහන් කර ඇතැයිද ප්‍රකාශ කළේ ය.

මේ පනතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව  ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇතැයි කථානායකවරයා පැවසී ය.