උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

විදෙස් හි සකල ආකාරයේ කුමන්ත්‍රණ පරදා කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදාගෙන අදට 15 හවුරුද්දයි

මුර අඩවිය - භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් කොටි අඩවියේ සිට ලියයි

ලියුම්කරු යුද්ධය අවසන් වෙන්නට මාස පහකුත් දවස් එකොළහකට පෙර සටන් බිමේ සිට ලියා දිනමිණ පුවත් පතෙ හි 'මුර අඩවිය' හිසින් පළ කෙරුණු විශේෂාංග ලිපිය යි මේ. 

කොටි කල්ලියේ සටන් බිමේ හිඳ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් කොටි සටන්කරුවන් විසින් හටනට ඈඳා ගත් දෙමළ තරුණ තරුණියන් විසින් ලියා ඇති මේ ලියුම් කෙතරම් හද කම්පා කරන්නෙහි ද?

බංකර් පෙළෙන්.... කොටි ග්‍රහණයේ සිටි අසරණයන්ගේ හද දවන කතා අම්මා මුළු ලෝකයේ ම ආලෝකය ඒත් මට ඔයා ළඟ ඉන්න නැහැ. ගනේෂ් මට වෙඩි වැදුණා. ඒත් මහඑවුන් මාව යුද්ධයට යවනවා අලම්පිල් මුහුදු කොටි කඳවුර වසර 16 කට පස් හමුදාව අතේ.
“අපි ගොඩක් ආදරේ කළා. ඒ අතීතය හරිම සුන්දරයි. ඒත් දැන් අපිට එකට ඉන්න විදිහක් නෑ. කුරිරු ත්‍රස්තවාදීන් අප දෙදෙනා වෙන් කරලා. මට මතකයි අපි දරු පැටියෙක් හදා ගෙන එක ගෙදරක ජීවත් වෙන්න හීන මැව්ව හැටි. ඒත් මාස පහකින් මට ඔයාව දකින්න බැරි වුණා. ගනේෂ් මාව මැරෙන්න කලින් ඔයාව පෙන්නන්න කියල මම දෙවියන්ට නිතර ම කියනවා. මම දැන් ඉන්නෙ කොකාවිල් නගරය කිට්ටුව තියෙන බංකර් පේළියක. අපිට හරියට කෑම ටිකක්වත් නැහැ. නමුත් අපේ ප්‍රාදේශීය නායකයා හොඳට කෑම කාලා කැබ් එකක නිතර ම එහාට මෙහාට යනවා.

ගනේෂ්... ගනේෂ් ගිය සතියෙ වෙඩිල්ලක් වැදිලා මගේ වම් කකුල තුවාල වුණා. ඒත් කොටි ත්‍රස්තයො මාව යුද්දෙට ම යොදා ගන්නවා. මට එන්න දෙන්නෙ නෑ, මගේ කකුලේ තුවාලය හොඳටෝම පැහැවලා. මං ඉන්නෙ හරිම වේදනාවෙන්. ගනේෂ් ඔයාට පුළුවන් නං මාව මේ අපායෙන් මුදව ගන්න.

මේ වටේටම බංකර්වලට හමුදා ප්‍රහාර එල්ල වෙනවා. කොටි සාමාජිකයින් සෑහෙන ගණනක් මැරිලා. මායි මගෙත් එක්ක ඉන්න අනෙක් තුන් දෙනයි මොන වෙල්වේ මැරෙයි ද කියල නං දන්නෙ නෑ. රාත්‍රියක ඇවිල්ලා මාව ගෙනියන්න ගනේෂ්. ඔයාට පුළුවන් මාව මේ අපායෙන් බේරා ගන්න මේ ජරා ලෝකෙන්.
අපි කොටින්ගෙන් පැනල යනකොට අපට වෙඩි තියයි. කමක් නැහැ. එතකොට අපි දෙන්නම මැරෙනවා නේ ගනේෂ්. මෙහෙම බංකර්වල ජීවත් වෙනවට වඩා අපි මැරෙන එක හොඳයි නේ ද?”
ඊශ්වරී නැමැති දාහත් හැවිරිදි තරුණිය සිය පෙම්වතාට ලියන ලද ලිපියේ මෙලෙස සඳහන් විය. ඇය අඅධ්‍යයන පොදු සහතික් පත්‍ර උසස් පෙළ හදාරමින් සිටිද්දී කොටි කල්ලිය ඇය පැහැරගෙනැවිත් බලහත්කාරයෙන් යුද පුහුණුව ලබා දී ඇති බව මේ ලිපිය කියවන විට හෙළිවුණු කරුණු ය.
මුර අඩවිය ලියුම්කරුට මේ ඊශ්වරී ගේ මේ ලිපිය ඉකුත් සතියේ දී හමුවූයේ කොකාවිල් ගම්මානය ආසන්නයේ වූ කොටි ත්‍රස්තවාදීන් අතහැර දමා ගිය බංකර්යක් තුළ තිබිය දී ය.

කොටියන් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින තරුණ තරුණියන් සහ කුඩා දරු දැරියන් සිය මව්පියන්ට ලියන ලද ලිපි රැසක් පුනරීන්, මාන්කුලම් ඇතුළු ප්‍රදේශවල තිබී එහි සංචාරයේ නියුතු වූ අවස්ථාවේ සොයාගත හැකි විය. එම ලිපිවලින් බොහොමයක් මේ තරුණ තරුණියන්ගේ මෙන් ම ළමා සොල්දාදුවන්ගේ මාපියන් වෙත ලියන ලද ඒවා වීම විශේෂත්වයක් පෙන්වයි.

පරන්තන් පුනරීන් මාරග්යේ බංකරයක නන්දනී නමැති දැරියක සිය මවට ලියන ලද ලිපියක කොටසක් පහත දැක්වේ.
අම්මා මුළු ලෝකයම ආලෝකමත් කරනවා. අම්මා ලෝකයේ ම පහන් දැල්වෙනවා. දරුවකුගේ දුක හොඳින් ම දන්නේ අම්මා විතරයි. ඒත් මට මගේ අම්මා ළඟ අද ඉන්න විදියක් නෑ. කොටි ත්‍රස්තවාදීන් මාව හිරකරලා යුද්දෙට යොදා ගන්නවා.
අම්මා මට ගොඩක් ප්‍රශ්න. කෑමක් කන්න නෑ, වැස්සට තෙමෙනවා. ඉන්න තියෙන්නෙ ගස් යට. අපි තුන් දෙනා බැගින් රාජකාරිවලට කියල ගස් යටට යවනවා. මගේ ළඟ හිටපු ළමයකුට සර්පයෙක් දෂ්ට කරලා ඈ මිය ගියා. මම බලා ගෙන ඉන්නෙ මෙතැනින් පැන ගන්න. තුවක්කුවක් එක්ක තව ගොඩක් බර උස්සගෙන ඉන්න හරි අමාරුයි.
පරන්තන් පුනරීන් මාර්ගයේ පරන්තන් පැත්තට වෙන්න තියෙන පස් බැම්මක් ළඟ තමයි මම ඉන්නෙ.
අම්මේ මාව මොන මොහොතෙ මැරෙයි ද දදන්නෙ නැහැ. අපේ සාමාජිකයින් ගොඩක් පහුගිය දවස්වල හමුදාවේ පහරදීම්වලින් මැරුණා.

තාත්තයි මල්ලියි මතක් කළ බව කියන්න. මට ගෙදර අය මතක් වෙන කොට නිතරම ඇස්වලට කඳුළු එනවා.
නන්දනී මීට පෙර කොක්කුතුඩුවායි සම මුරුකණ්ඩිවල පදිංචිව සිට ඇති අතර යුද ගැටුම් හේතුවෙන් අවස්ථා කීපයකදී ම පදිංචිය වෙනස් කරැති බව ඇගේ ලියුමෙන් අනාවරණය විය.
මේ ආකාරයට ඉතා සංවේදී කරුණු රැසක් අඩංගු ලිපි ලියුම්කරු සතුව තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික් පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍යතාවය තිබූ නව යොවුන් වියේ වූ ළමයින් කීප දෙනකුට ම ඒ අවස්ථාව මඟ හැරීයාම සම්බන්ධයෙන් සිය දෙමාපියනට මෙසේ ලිපි මඟින් වේදනාව, දුක ප්‍රකාශ කරැති අයුරු ඉතාම ඔව් ඉතාම සංවේදී ය.
ළමයකුට කෙතරම් සතුටින්ද? කෙතරම් බලාපොරොත්තු පොදි බැඳන් ද? එය ඔහුගේ හෝ ඇගේ හෝ ප්‍රධානතම ඩඉමක් ලෙස ඇතුමුන් හඳුන්වා දෙයි.
එළෙසම සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කී දෙනකු මේ වන විට කොටි ත්‍රස්තාදීන් තමන්ගේ බංකර්වල මොවුන් ගාල් කර ඇද්ද? බංකරවල සේවයට යොදා ගෙන සිටින්නෙහි ද?
බංකර්වලින් සොයාගත්තු ලිපිවලින් සාමාන්‍ය සතුට ගැන ද කරුණු සඳහන් වේ. අපට සාමය සතුට ලැබෙන්නේ කවදා ද? ඒ මේ කුඩා දරුවන්ගේ අපේක්ෂාව යි. ඔවුන් ඒ වෙනුවෙන් නොයෙක් නිර්මාණ ද චිත්‍රවලින් කියා පා තිබුණි.
දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා ය කියන කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජනතාව උදෙසා කිසිවක් කර නැත. ඔවුන් ගේ ක්‍රියාකර ඇත්තේ කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමට යි.
කොටි ත්‍රස්තයෝ මේ වන විට අන්ත පරාජයකට ලක්ව සිටිති. සටන් නවතා දමා හමුදාවට භාර වෙන්නට හෝ රජයේ ආණ්ඩුව එක්ක එකඟතාවයකට පැමිණෙන්නට එම සංවිධානයට මේ මොහොත වන විට අවස්ථාව ඇතත් කොටි නායක ප්‍රභාකරන් සිය ඊළාම් හීනය අත්නොහැර අහිංසක දෙමළ වැසියන් පලිහක් කරගෙන සිටින්නේ ය.
ඒත් මේ මොහෙත වන විට ප්‍රභාකරන් වන්නියේ සිර කරගෙන සිටින සිවිල් වැසියන් ප්‍රභාකරන්ගේ බලය බිඳ දමමින් රජයේ පාලන ප්‍රදේශ කරා පැමිණෙමින් සිටිති.

වන්නි සටන් පෙරමුණු නැවත සක්‍රිය වී තිබේ. වර්ෂාව දැඩි සේ ඇද හැළුණ ද ඒ කෙරෙහි බිඳකුදු නොතකා තම අරමුණ ගැන ම පමණක් හිතන සෙබළු ඉකුත් සතියේ ද යුද ජයග්‍රහණ රැසක් ලබා ගත්හ.
බි්‍රගේඩියර් නන්දන උඩවත්තගේ මෙහෙයවීමෙන් මුලතිව් දක්වා මානුෂීය මෙහෙයුම්වල නිරත 59 වැනි සේනාංකයේ භටයෝ මහත් පරිශ්‍රමයකින් සිය ගමන වේගවත් කරමින් ඉකුත් සතියේ කොටි ග්‍රහණයෙන් පවතින පෙදෙස් වෙත පහර පිට පහර දුන්හ.
කොටින්ගේ ග්‍රහණයේ තිබූ මටියමලේ පෙදෙස මුදා ගැනීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (5) සවස අලන්පිල් සහ වෙඩිමලේ ද 59 වන සේනාංකය නතු කර ගත්හ. කොටින්ගේ ප්‍රධානතම මුහුදු කොටි කඳවුරක් සේ සැලකෙන අලම්පිල් මුහුදු කොටි පුහුණු මධ්‍යස්ථානය උන්ගෙන් ඩැහැ ලන්නට හමුදාව සමත් විය. මුලතිව් හි සිට දකුණෙන් කිලෝ මීටර දහයක් පමණ දුරින් මේ කඳවුර පිහිට

ලුතිනන් කර්නල් ප්‍රියංක ෆ්‍රනාන්දු අණ දෙන 11 වන ගැමුණු රෙජිමේන්තුව අලම්පිටි මුදා ගැනීමේ ක්‍රියාන්විතය ඉකුත් බ්‍රහස්පතින්දා වන විට සැලසුම් කළහ. පැය අටකට වැඩි කාලයක් දෙපාර්ශ්වය අතර පැවති දරුණු ගැටුමක් පැවති බව සටන්බිමේ සිටින උසස් නිලධාරියෙක් මුර අඩවියට පැවසී ය.

යුදබිමේ සිටින භට පිරිස් කොටි ත්‍රස්තවාදීන්ට මෝටාර් ප්‍රහාර එල්ල කරමින් අලන්පිටි වලට ඇතුළු විය. කුඩා කණ්ඩායම් ඊට පෙර එහි රිංගූහ. වහාම ක්‍රියාත්මක වූ සෙබළුන් කොටින්ට වෙඩි වරුසාවකින් සැලකූහ. මුහුදු කොටි කඳවුරේ සිටි කොටි හටන්කරුවෝ හමුදා ප්‍රහාරවලින් තුවාල ලදහ. තවත් පිරිසක් මිහිකත වැලඳ ගත්හ. සෙසු කොටි හටන්කරුවනට කර කියා ගත හැකි දෙයක් නොවී ය. මියගිය හා තුවාල වූ ත්‍රස්තයන් කුදලාගෙන සෙස්සෝ පළා ගියහ. වසර දහසයකට පසු අලන්පිටි කඳවුරේ බලය හමුදාව අතට පත් විය. මෙය කොටින්ට මහත් වූ ශක්තියක් ගෙන දුන් කොටි කඳවුරකි. මුලතිව් සිට නගකෝවිල් දක්වා ඇති මුහුදු කොටි බලයේ අලන්පිල් කඳවුර මුහුදු කොටි බලයේ කෙළවර මෙය යි.අලන්පිල් හමුදාව නතු වීමත් සමඟ කොටින්ට මුලතිව් ප්‍රදේශයේ තිබූ කිලෝ මීටර් පහක පමණ මුහුදු තිරයක් සහිත බිම අහිමි විය. මේ අතින් ගත් කල 59 වැනි සේනාංකය අලන්පිල් අත්පත් කර ගැනීම පැති කිහිපයකින් වැදගත් වේ.අලන්පිල් අත්පත් කර ගැනීමත් සමඟ එම ප්‍රදේශය පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් විය. එහි ප්‍රතිඵලය වූයේ 59 වැනි සේනාංකයට කොටින්ගේ යාත්‍රා සියයක් පමණ සොයාගන්නට හැකි වීම යි.
57 වැනි සේනාංකය මේ වන විට නුවර - යාපනය ඒ 9 මාර්ගයේ වැඩි පිමක බලය තහවුරු කරගෙන හමාර ය. සේනාංකfධිපති මේඩර් ජෙනරාල් ජගත් ඩයස් විදේශගතව සිට නැවත සේනාංකයට රක්ව සිටියි. කොකාවිල් අත්පත් කර ගැනීමට ඉකුත් සතියේ මොවුනට හැකි විණි.
පසුව මාන්කුලම් කොකාවිල් නගරය ඇතුළු ඒ - 9 මාර්ගයේ බලය සියතට ගැනුණි. මේ සේනාවට අයත් 10 වැනි පැබල, 8 වැනි පාබල රෙජිමේන්තු විසින් කොටින්ට නොසෑහෙන්න පහර දෙමින් ඉරණමඩු වැවේ බටහිර කොටස ද අල්ලා ගත්හ.
ඒ අතර බි්‍රගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ යටතේ ඇති කාර්ය සාධක බළකාය 03 අයත් 532 බළසේනාව පුලිපන්විකුලම් ගම්මානය අත්පත් කර ගැනීමට වගබලා ගත්හ. බි්‍රගේඩියර් රෝහණ බණ්ඩාර ගේ කාර්ය සාධක බළකාය 02 සෙබළුන් මාන්කුලම් අල්ලා ගැනීමට සමත්කම් දැක්වූයේ බොහෝ උපාය උපක්‍රම භාවිතා කරමිනි.
මෙතැනින් නොනැවතුණු 57 වන සේනාංකයට අයත් බළසේනා කොටි ත්‍රස්තයනට දින දෙකක දී දැවැන්ත ප්‍රහාරවලින් සලකමින් පුලියන්කුලම ද අත්පත් කර ගත්හ. ඒ සමඟ ම ඒ - 0 මාර්ගයේ ඕමන්තේ මුරපොළේ තිබූ කොටින් මධ්‍යස්ථානය කිලෝ මීටර් විස්සක් පමණ දුරකට ගෙන යෑමට උනට සිද්ධ විය.
නුවර - යාපනය ඒ 9 මාර්ගයට සමාන්තරව කාර්ය සාධක බළකාය 01 හා 02 මීට පෙර සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ඉතා ප්‍රවේශමෙන් උපක්‍රමශීලීව ය. මේ හේතුව නිසා ම කොටින්ට ඒ 9 ප්‍රධාන මාර්ගයේ බලය අමිවි විය.
පුනරීන් සිට පරන්තන් නගරය කරා ඉදිරියට ඇදෙන 58 වන සේනාංකය ද උපායශීලීව බොහෝ වේගවත්ව කටයුතු කරයි. මේ වන විට ඔවුන් ගේ භට පිරිස් පරන්තන් අවට වටකර ගෙන සිටිති. 58 වන සේනාංකයේ ඉදිරියෙන් ම හටනේ නිරතව සිටිනුයේ කොමාන්ඩෝ බළකායේ දේශප්‍රේමීන් ය. කුඩා කණ්ඩායම් සේ පරන්තන් වෙත ඇතුළු වී කොටින්ට මාරාන්තික ප්‍රහාර බොහෝ ගණනක් එල්ල කරන්නට මේ කුඩා කණ්ඩායම් වගබලා ගත්හ.
මේ අතර පරන්තන් බලය කුමන මොහොතක හො 58 වන සේනාංකය සතුවන බව කොටි ත්‍රස්තවාදීන් හොඳින් දන්නා කරුණකි. කිලිනොච්චි, මුලතිව්, අලිමංකඩ, පරන්තන් ආදී මේ ප්‍රධාන කොටි බළමුළු හතරේ බලය ආරක්ෂා කර ගන්නට නොහැකිව කොටියෝ බරපතල තත්ත්වයකට මුහුණ පා සිටිති.