උණුසුම් පුවත්කාලීනදේශපාලන

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා – අගමැතිනි හරිනි

පළාත් සභා ඡන්ද ඉක්මනින් පවත්වනවා ලු

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදීම අවශ්‍ය කටයුතු සිදු කරනවා. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එය සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් තිබෙනවා. රටේ ප්‍රමුඛ ප්‍රශ්න විසඳීම සඳහා අවධානයක් ලබා දෙන අතරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාල නිශ්චිත කාලවකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අද (දෙසැම්බර් 19) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවා ය.
පළාත් සභා මැතිවරණය  හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා. 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ 3 (ආ) වගන්තිය යටතේ හදුන්වා දී ඇති විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සීමා නීර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාල මැතිවරණ කොට්ඨාස සීමා නීර්නය කිරීම සහ මැතිවරණ කොට්ඨාස ගණනය කිරීම තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්ථාවට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට මේ දක්වා නොහැකි වී  තිබෙන්නේ  2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධීවිධාන අනුව මැතිවර්ණ සීමා නීර්ණ කටයුතු අවසන්ව නොමැති නිසයි. ඒ අනුව සීමා නීර්ණය අවසන් කළ පසු පළාත් සභා මැතිවරණය පවත්වනවද නැත්නම් 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධීවිධාන සඳහා සංශෝධනයක් ගෙන එමින් පළාත් සභා මැතිවරණය පවත්වනවාද කියන එක ගැන මේ වනවිට අධ්‍යයනයක් කරමින් පවතිනවා. ඒ අධ්‍යයනයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගන්නවා. කෙසේ වෙතත් මේ කටයුතු අවසානයේ මැතිවරණය පැවැත්වීම සඳහා 2026 අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

එසේම රජයේ අභිචෝධකාගාරය ඇති කිරීම සඳහා අවශ්‍ය නව නීති සහ නීති සංශෝධනය කළ යතු අවස්ථා පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.