දිලිත් ජයවීර
''කෘෂිකර්මාන්තයේ යෙදෙන අය, ධීවර කර්මාන්තයේ යෙදනෙ අය, රාජ්‍ය සේවකයෝ මේ සියලු දෙනාම අතිශය අසහනයට පත් වෙමින් ඉන්නේ. ඉතින් අපිටත් ඇත්තටම මේක තේරුම් ගන්න බැ, රජය මෙතරම් අසංවේදි වුණේ කොහොමද කියලා. ඉතිහාසයේ කිසිම රජයක් මෙචච්ර අසංවේදි වෙලා නෑ."
නුවරඑලියේ ප්‍රදේශයේ පැවති සර්වජන බලය පක්ෂයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හා අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසී ය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසීය.
“වෙලා තියෙන්නේ, දිගින් දිගටම මේ රට, වෙලා තියෙන්නේ හැම අතින්ම සංවේදි මිනිස්සුන්ගේන් යුක්ත රටක්. දැන් අපේ මිනිස්සු හරිම සංවේදියි. නමුත් ආණ්ඩුව ජනාතාවට සංවේදි නෑ. ඒක නිසා තමයි ආණ්ඩුව ගන්න තින්දු තිරණ සියල්ල බොහෝම ආත්මාර්ථකාමි විදිහට, සමහර වෙලාවට කාටවත් හිතාගන්නවත් බෑ.. ආණ්ඩුව මේවගේ තින්දු තීරණ ගන්නේ, මේවගේ ප්‍රකාශ කරන්නේ කියන එක හිතාගන්නවත් බැරි මටට්මට පත් වෙලා තියනවා.
අපි නිරික්ෂණය කරන්නේ මේ මිනිස්සු හිතනවා කියන්න කෙනෙක් නැ කියලා. අපි කොත්මලේ ගිය අවස්ථාවේ දැක්ක කාර්ණය ඉතාම අනුවේදනීයයි. ඒ ජනතාව ඇත්තෙන්ම හැම පැත්තෙන්ම අසරණයි. එක නිවසක නිවැසියන් මියදිලා ඉතුරු වෙචිච පවුලෙ අයට තවම අවම දිමනාව වත් දීලා නැ. ඒ ගොල්ලන් දන්නේ නැ ඒ ගොල්ලන්ට මොකක්ද වෙන්නේ කියලා. ඒ ගොල්ලනට කියලා තියනවා එතනින් අයින් වෙන්න කියලා. අයින් වෙලා යන්න තැනක් කියලා නෑ. එහෙම අයන් වෙලා ගිය සමහරක්ට ගෙවල් කුලිය දෙනවා කියලා, ගෙවල් කුලිය දිලා නෑ. ඉතින් මේ මිනිස්සු අසරණයි. ඒ මිනිස්සු ඇවිල්ලා අපට කියනවා.
ඉතින් අපිටත් කරන්න පුළුවන් සිමාවක් තියනවා. අපේ ශක්තියෙන් අපට තියන හැකියාවෙන් අපි මිනිස්සුන්ට උදව් කරනවා. නමුත් ආණ්ඩුවක් කරන දේ අපට කරන්න බැනේ.
මටත් තේරෙන්නෑ. මෙහෙම ආණ්ඩු ඇදගෙන යනවා කියලා කතාවක් මම අහලා වත් නැ. මොකද මේක ඒ අර්ථයෙන් ගත්තම ඇදගෙන යාමක්ම තමයි. මොකද මෙතන ඔබ සියලු දෙනාම තේරුම් ගත යුතු කාරණය තමයි, මේ රජයට නිවැරදි දර්ශනයක් නැ. කොයි පැත්තෙන් වත් ඒ දර්ශනය නෑ. ඒ කියන්නේ දේශපාලන දර්ශනයක්, ආර්ථික දර්ශනයක්, එතකොට භූ දේශපාලනය පිලිබද දර්ශනයක් මේ කිසිම දර්ශනයක් නැතුව අහුවෙන අහුවෙන තැනින් මේ ප්‍රශ්න අරගන්නවා, මොනවා හරි සරල නිකම් මෝඩ උත්තර දෙනවා, විසදුම් දෙනවා.
ඉතින් මේක සම්පූර්ණයෙන්ම අනාගෙන තියෙන්නේ. (10) දින ඉතාම කණගාටු වුණා, මට ඇහුන්කම් දෙන්නට ලැබුණා, පළවෙනි පන්තියේ ගුරුවරියන්ට, මෙම ගුරුවරියන්ගේ කථාව ඇහුවොත් මොන තරම් දුක හිතෙයිද? අද ඒ පළමු පන්තියේ ගුරුවරිය ඉන්නේ, අන්තිම අසහනයෙන්. මොකද මේ ප්‍රතිසංස්කරණ කියලා ගෙනාපු දේ කිසිසේතම ප්‍රායෝගික නැ.
එක අතකින් අත්පොතක් නැ, ඔබ දන්නවාද? මේ වාරයෙන් පස්සේ ඔවුන් ඊළගට උගන්වන්නේ මොනවද කියලා ගුරුවරු දන්නේ නැ. එ ගොල්ලනට ඒ පුහුණවක් දෙන්න තාම තිරණය කරලා වත් නැ. දැන් මේ ලකුණු සටහන් කිරිමේ ක්‍රමයක් තියනවා, ඒක තේරුම් ගන්නවත් අමාරුයි ඇත්තටම.
ඉතින් මේ හැම අතින්ම ඉතාම අසංවේදි විදිහට මේ ආණ්ඩුව කටයුතු කරනවා. මම දන්නෑ ආණ්ඩුව හිතන් ඉන්නවද කියලා, නැවතත් ගල් කටස් බත් මුට්ටි ඉස්සීම දක්වා මේක ගෙනහිල්ලා වෙන ක්‍රමයකට මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න, ප්රජාතන්ත්රවාදී විරෝධී විදිහකට. ප්රජාතන්ත්රවාදී විදිහට නම් මේක ගියොත් මං හිතන්නෑ, තියන පළවෙනි මැතිවරණයෙන්ම අන්ත පරාජයකට ලක් වෙනවා. ඒක නම් ගලේ කෙටුවා සේ කියන්නට පුළුවන්.
දැන් මේ විපක්ෂයට මම ආරාධනා කරා, දිගින් දිගටම ආරාධනා කරා, අදත් ආරාධනා කරනවා. මේ විපක්ෂය රජය විසින් කරගෙන යන මේ දුර්ධාන්ත වැඩ පිලිවෙළට විරුද්ධව එකතු වෙන්නට ඕන. අවම කොන්දේස මතයි එකතු වෙන්නට ඕන. දැන් අපි යෝජනා කරලා තියනවා, මේ මැයි දිනයෙදි අපි සියලු දෙනා අඩුම ගානේ එකතු වෙලා එක හඩක් නගලා මේ රජයට වෙඩි මුරයක් තියලා පෙන්නන්ට ඕන. මේක මේ විදිහට කරගෙන යන්න දෙන්න බෑ කියලා. ඒ වගේම ජනතාවටත් විශ්වාසයක් ඇති කරන්නට ඕන, මේ රජය ඉවත් කිරිමේ වැඩපිලිවෙළක් අපිට තියනවා කියලා. ඒක ඇත්තටම අවශය දෙයක්. ඉතින් විපක්ෂයටත් මගේ ආරාධනය හැමදාම මම කරන ආරාධනය, මේක එකට එකතු වෙන්න ඕන කාලයක්.”
උපුටා ගැනීම ලංකා සී නිව්ස් වෙතිනි - රංජිත් රාජපක්ෂ
