ජාත්‍යන්තර ආධාර සමුළුව කැදවන්න - සජිත්
විපතට පත් ජනතාවට සහන දෙන්න පවතින අයවැය යෝජනා වෙනස් කර නව අයවැයක් කඩිනමින් ගෙන එන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා කරයි
සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත් මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අයවැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන අයවැයක් සකස් කිරීම බවත් තවදුරටත් විහිලු නොකර මේ මහා විපතින් හානි වූ ජනතාවට සහන සලසන අයවැයක් කඩිනමින් සකස් කල යුතු බවත් දින කිහිපයක් ගෙන නව අයවැයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ විපත ගැන අදහස් දක්වමිනි.
ජාත්‍යන්තර ආධාර සමුළුව කැදවන්න විපක්ෂය සහාය දෙන්නම්
එසේම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවා විපතට පත් ජනතාවට සහන සැලසිය යුතු බවත් රජයට එය කළ නොහැකි නම් විපක්ෂය රජය වෙනුවෙන් එය කැදවීමට කටයුතු කර රටට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නව අයි. එම්. එෆ් ගිවිසුමකට යන්න
ඊට අමතරව නව අයි. එම්. එෆ් ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු බවත් ජනතා පීඩක ජන හිංසන අයි. එම්. එෆ් කොන්දේසි සමග ඉදිරියට යා නොහැකි නිසා කඩිනමින් අයි. එම්. එෆ් එකට සාකච්ඡා කළ යුතු බවත් රජයට නොහැකි නම් විපක්ෂය ද ඒ සදහා සහාය දෙන බවත් නව ගිවිසුම හරහා ජනතාවට සවියක් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිර්දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළකට යන්න
මිනිසා ජීවත් කරවන්න මිනිසා රැකගන්න රට සංවර්ධනය කරන්න ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න නැති වූ ගොවිබිම් ටික සුරකින්න නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් නිර්දේශපානීකරණයට ලක් වූ ජාතික සංවර්ධන වැඩපිලිවෙළක් සදහා විපක්ෂය ද සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හදීසි නීතිය උපයෝගී කර ගෙන මාධ්‍ය මර්දනය කරන්න එපා
හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හකුලන වැඩපිළිවෙළකට නම් ඉඩ දිය නොහැකි බවත් හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්ධනය කරන්න නොවන බවත් නීතිය හා සාමය ක්ෂේත්‍රය භාර ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරන බවත් මේ හදිසි නීතිය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න නොව ජනතාවට සහන සලසන්න බවත් අද වන විට මේ හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වන බවත් මේ මර්දන රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අවතැන් වූ ජීවිත අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න
පාස්කු ප්‍රහාරය, කොවිඩ්, රට බංකොලොත් වීම, දිට්වා සුළි කුණාටුවත් එක්ක වසර 7ක් තුළ 4 වැනි ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකි බවත් මේ නිසා පවුල් 437,507ක් සහ පුද්ගලයින් 1558919ක් විපතට පත්ව ඇති බවත් මරණ 465ක් සිදුව 366ක් අතුරුදන් වූ පූර්ණ හානි නිවෙස් 783ක් මෙන්ම අර්ධ හානි නිවෙස් 31417ක් ඇති බවත් මීට අමතරව කදවුරු 1433ක පවුල් 61875ක පුද්ගලයන් 232752ක් මේ මොහොතේ විපතට පත්ව ඇති බවත් මේ ආපදාවට පත්වූ සියලු දෙනාට ජීවිත දේපල අහිමිව ජීවනෝපය අහිමිව අවතැන් වූ අනාථ වූ සියලු දෙනාට සිය ශෝකය පුදකරන බවත් මොවුන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවදුරටත් රටේ සොල්දාදුවෝ නෑ. ඉන්නේ රණවිරුවෝ විතරයි
මේ විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක් බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් එය සිදු කළ යුතු බවත් ආපදාවට පත් ජනතාව මුදවා ගන්න කටයුතු කළ ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය විශේෂ කාර්ය බලකාය ඇතුළු රණවිරු සියලු දෙනාම වෙනුවෙන් සිය ප්‍රණාමය උත්තමාචාරය පුදකරන බවත් තවදුරටත් රටේ සොල්දාදුවෝ කියා කිසිවකු නොමැති බවත් ඉන්නේ රණවිරුවන් පමණක් බවත් මේ ආපදා නිසා අභාවයට පත්වූ නාවුක හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීවරුන් මෙන්ම කොටහේන පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු ජනතාව මුදවා ගැනීමට උර දුන් සියලුම දෙනා ගෞරවයෙන් මතක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සහන සැලසූ සියලු දෙනාට ස්තූතියි
මේ විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක් බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් එය සිදු කළ යුතු බවත් ආපදාවට පත් ජනතාව මුදවා ගන්න කටයුතු කළ ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය විශේෂ කාර්ය බලකාය ඇතුළු රණවිරු සියලු දෙනාම වෙනුවෙන් සිය ප්‍රණාමය උත්තමාචාරය පුදකරන බවත් මේ නිසා අභාවයට පත්වූ නාවුක හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීවරුන් මෙන්ම කොටහේන පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු ජනතාව මුදවා ගැනීමට උර දුන් සියලුම දෙනා ගෞරවයෙන් මතක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අභියෝග අපහසුතා ගැටලු ප්‍රශ්න මැද රාජ්‍ය සේවකයන් විශිෂ්ඨ කාර්යක් ඉටු කළ බවත් ගම්මට්ටම බිම් මට්ටමේ සිට සමස්ත රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම සිය ස්තූතිය ගෞරවය පුදකරන බවත් අදටත් නිදි මරා කැපකිරීම් කරන පරිත්‍යාගශීලීව කටයුතු කරන සහන සලසන රට දැය වෙනුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කරන සේවාව අගය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් අපි කටයුතු කරමු
රටක් ලෙස අභියෝග රැසකට මුහුණ දෙන මොහොතේ විපක්ෂයක් ලෙස වගකීම ඉටු කරන බවත් ජාති ආගම් පන්ති පක්ෂ භේදයෙන් තොරව දේශපාලනය පසෙකලා රටේ ජනතාව අපේක්ෂා කර විශිෂ්ඨ සේවාව ඉටු කරන බවත් මේ මොහොත වන විට ජපන්, කොරියා, යුරෝපා සංගමය, ඉන්දියාව, ඉතාලි හා ජර්මානු තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් මෙනම ලෝක බැංකු ප්‍රධානීන් හමුවී අප රටට ලබා දිය හැකි සියලුම සහන ආධාර උපරිමයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපතට පත් සියලු දෙනාට ආධාර නිර්ව්‍යාජ පාරිදෘෂ්‍ය ක්‍රමයෙන් යුතුව විවෘත සාධාරණ කාර්යක්ෂම වැඩපිළිවෙලක් හරහා ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර සහන සලසන්න
මේ මොහොත වන විට රටට ප්‍රතිචාර දැක්වීම, සහන දීම, පුනරුත්ථාපනය, අහිමි වූ දේ ලබා ගැනීම, නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට විපතට පත් පවුල්වලට ජනතාවට උපරිම සහන දිය යුතු බවත් ජීවිත අහිමි වූ ජීවිකාව විනාශ වූ අවතැන් වූ ජනතාවට මුදල් වෙන් කරන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, ධීවර කෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ඇති නිසා මේවා විසදා සංචාරක කර්මාන්තය දිරිගැන්විය යුතු බවත් මේ වන විට විපතට පත් ප්‍රමාණය වැඩි වෙමින් සිටින නිසා යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර රාජ්‍ය නිලධාරීන්ට ජනතාවට උදව් කරන්න අවශ්‍ය නීතිමය පද්ධතිය සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කළුකඩ මාෆියාවට තිත තියන්න
මේ වන විට ලක්ෂ 220ක් පාරිභෝගික ජනතාව ගසා කන කලුකඩ මාෆියා නිර්මාණය වන නිසා මිල පාලනය ඇති කරන ලෙසත් ගම් නගර පිටින් නැති වූ අවස්ථාවේ ජනතාව ගැන සංවේදී වී වචනවලින් මෙන්ම සහනවලින් ද ශක්තියක් විය යුතු බවත් ඔවුන්ගෙ ගැටලුවලටලට උත්තර සැපයිය යුතු බවත් ප්‍රශ්නවලින් පැන නොයා විපතට පත් ජනතාවට සහන ලබා දෙන්න කැප වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නින්දිත පහත් දේශපාලනයෙන් බැහැරව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත් ජනතාවට ශක්තියක් දිය යුතුයි
මේ ආපදාව හරහා දේශපාලනය නොකළ යුතු බවත් ජීවිත දේපල හානි වූ ජනතාව මුල් කර ගෙන දේශපාලනික වශයෙන් ජනප්‍රියවන ක්‍රියාදාමවලට මුල් නොවිය යුතු බවත් මේ හානිය අවම කර ගන්න නොහැකි වූ හේතු ගැන සොයා බැලිය යුතු බවත් ආපදාව කළමනාකරණය කරනවා වෙනුවට ආපදාව ප්‍රවර්ධනය වීමට වැරදුනු තැන් සොයා බැලිය යුතු බවත් වටිනා ජන ජීවිත නැති වන තැනට නැවත වරක් රට මෙහෙය විය යුතු බවත් නින්දිත පහත් දේශපාලනයෙන් බැහැරව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත් ජනතාවට ශක්තියක් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැරදි අඩුපාඩු සකස් කර රට ගොඩනගමු
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි භයානක තත්ත්වයක් ඇති වනවා කියා කියද්දි ඒ ගැන සොයා නොබැලීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ වැරදි හදා අඩුපාඩු සකස් කර ගැනීම බවත් රට ගොඩනැගීමට ලබා දිය යුතු උපරිම ශක්තිය ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් විපක්ෂය යුතුකම් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය නොකළේ ඇයි?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි කියන විට එය ජනතාවට සන්නිවෙදනය නොවූ හේතුව සොයා බැලිය යුතු බවත් ආපදා කළමනාකරණ පනතේ ඇති අඩුපාඩුකම් නිසි ආකාරව නිවැරදි නොවීමට හේතු සොයා බැලිය යුතු බවත් ආපදා තත්ත්වයේ බැරෑරැම්කම දැන දැනත් හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය නොකළේ ඇයි ද කියා සොයා බැලිය යුතු බවත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත නොවීම ගැනත් සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
