- සුනිලා විජේසිංහ -
කන්ද මුදුනේ සිනිඳු වළාකුළු නිසල වී ලන්ද මැද මල් කැකුළු පරවෙලා මල් නොවී
සින්දුවක් වගේ සන්තෝසයෙන් සිනා වී
දුව ඇවිදි ඈ මන්ද, අන්ද මන්දව. නිවී
හැන්දෑවෙ අඩ අන්දකාරයට
හාද වී
බැන්ද කව්මුතු ගොළුව
අකුරු වටකුරු නොවී
පන්හිඳ ද බිම වැටී පත් ඉරුව උරණ වී
මන්ද මේ බිම්මලේ, කියන්
විරසක නොවී
කම්පිතව ඉකිබිදින එසඳ ලොව ළතැවුලින
සෙනෙහසින් උණුසුම්ව
එමුදු සිත ඇදහැලිණ
සොම්නසින් පෙම් කළද ඇය
ලොවට නිති බැතින
පෙම් කළෙද ලොව ඇයට -
ඇගේ කවියට බැඳුන
කඳුළු නගරේ සුසුම් කඳු අගින් ඇද වැටී
ජීවිතය මියැදුණා, බිඳී සුපැතුම් කැටී
කවිය, ඈ ළඟ ඉඳින් සුසානය තෙක් ගැටී
මෙනුඹ උණුහුම ඇයට මහරු මසුරන් විටී.