උණුසුම් පුවත්

වියලි කහ කිලෝ ග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ

නාවික හමුදාව අද දින (2024 ජුලි 10) අලුයම් කාලයේ පුත්තලම පල්ලියවාසල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1373 අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් පුත්තලම පල්ලියවාසල්පාඩු වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 10) අලුයම් කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ උර හතළිස් හතරක (44) අසුරන ලද වියලි කහ කිලෝ 1373 ග්‍රෑම් 700 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), වියලි කහ  කිලෝ 1373 ග්‍රෑම් 700 ක තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.