ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් මහැදුරුවරයා පත්වීමේ ලිපිය භාරගත් අයුරු
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කරනු ලැබ තිබේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ BSc (විශේෂ) උපාධියක් ලබාගෙන ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙට්රොයිට් හි වේන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳව සහ 1998-1999 දී කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධිය හැදෑරීය.
ඔහු 2010 දී එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෙකු වූ අතර 2011 දී ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයේ ෆුල්බ්රයිට් සාමාජිකයෙකි.
මහාචාර්ය සෙනෙවිරත්න රසායන විද්‍යාව සහ ආහාරයට ගතහැකි තෙල් පෝෂණය පිළිබඳ කීර්තිමත් පර්යේෂකයෙකි. ඔහු 2014 සිට 2017 දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු පර්යේෂණ කවුන්සිලයේ සභාපතිවරයා සහ විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ද වේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.
මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන මහත්ම මහත්මීහු පත් කර ඇත.