මාරාන්තික කෝවිඩ් වසංගතය පැතිර පැවති කාලයේ ඔහු කළ සේවයක තරම....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන සමයේ ලෝකය වෙළාගත් මාරාන්තික කෝවිඩ් වසංගතයෙන් ලාංකේය ජනයා ගලවා ගන්න ඔහු කළ සුවිශේෂ කාර්යභාරය සුළුපටු නොවී ය. එහෙත් උන්හිටි ගමන් ජාසිංහ මහතා එක් වරම එකී තනතුරෙන් මාරැවීමකට පාලකයින්ක්වූ විසින් පත් කරන ලදි. අනතුරුව හේ. පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරන ලදි.
ඔහුව නැවත පෙර තනතුරට පත්කරන්නැයි පාර්ලිමේන්තුවේ පවා ඉල්ලීම් සිදු කෙරුණි. ඒත් ඒ ගැන පාලකයින් රැක්කේ මුනිවත යි.
මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටියේ උපන් ජාසිංහ අධ්‍යාපනය ලැබුවේ මහින්ද විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන්ය.[4] ඔහු බටහිර යුක්රේනයේ Lviv ප්රාන්තයේ රාජ්ය වෛද්ය ආයතනයෙන් උපාධිය ලබා ඇති අතර, M.Sc. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයෙන් ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය පරිපාලනය පිළිබඳ MD. 2011 දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රපති උපාධිය (MPA) ලබා ගත්තේය.