උණුසුම් පුවත්

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනී

මන්ත්‍රී අර්චුනා අනුරාධපුර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත යි

අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී 2025 ජනවාරී 20 දා රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින විශේෂ පොලිස් කණ්ඩායමක් යපනයේ දී අත්අඩංගුවට ගනු ලදි.  

අනුරාධපුර ා රඹෑව පොලීසි මගින් අදාළ සිදුවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබුණි.

අනුරාධපුර අධිකරණ නියෝගයක් මතඅර්චුනා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා යාපනයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් හෙතෙම අත්අඩංගුවට ගන්නා ලදි. 

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හා වාද කර ගන්නා ලද අයුරු මාධ්‍ය ඔස්සේ විකාශනය විය.  අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.