ගොවියයි පාරිභෝගිකයි ගැන බලා ගත්තු තීරණයයි
වී කිලෝවක් සඳහා රජය විසින් ලබා දෙන උපරිම මිල සහතික මිල අද ප්‍රකාශයට පත් කරන ලද්දේ ය. ඒ අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා නියොජ්‍ය ඇමතිවරුන් වන නාමල් කරුණාරත්ත හා සුසිල් රණසිංහ යන මහත්වරුන් ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ද අද රැස්වී ගත් තීන්දුවක් අනුව යි.
මෙකී තීරණය ප්‍රකාරව නාඩු වී කිලෝවක් සඳහා උපරිම මෙහි රුපියල් එකසිය විස්ස ( 120) කි.
සම්භා වී කිලෝවක උපරිම මිල රුපියල් එකසිය පනස් පහ (155) කි.
කීරි සම්භා වි කිලෝවක උපරිම මිල රුපියල් එකසිය පනස් දෙක (152) කි.
වියලි ස්වභාවයෙන් ඇති වී මිල දී ගැනීමේ දී මෙකී මිල ගණන්ව අදාළ වේ.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීමට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ලාල්කාන්ත මහතා වී මිල ප්‍රකාශ කළේ
‘අපි මිලදී ගන්නේ වියළි වී නාඩු වී, වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120 ට. සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125 කට. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදී ගන්නවා.
සහල් මිල ගැනත් හිතලා, ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත වග ඇමති ලාල්කාන්ත මහතා කීවේ ය.