රජය නිල නිවේදනයකින් ප්‍රකාශ කරයි
වෙනිසියුලාවේ පවතින තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවධාරණය කර සිටින බව ද එහි සඳහන් වේ..
විශේෂයෙන්ම බලය භාවිතා කිරීම තහනම් කිරීම, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම මෙන්ම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාව සුරැකීම වැනි කරුණු කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වේ.
වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය මෙන්ම කලාපීය ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි වැදගත්කමක් ලබාදෙන බව අදාළ නිවේදනයේ සඳහන් ය.
පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය කරමින්, සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී විසඳුමකට එළඹීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නී ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම මේ තීරණාත්මක අවස්ථාවේදී, අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද කියැවේ.
වෙනිසියුලානු ජනතාවගේ ස්වෛරී අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය සැලකිල්ලට ගනිමින් සාමකාමී විසඳුමක් කරා ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම වැදගත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

