වෙනිසියුලාවට සහය පළකරමින් පක්ෂ කිහිපයක් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කරයි
ජනාධිපති නිකොලස් මධුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් පැහැරගැනීම ඇතුළුව, වෙනෙසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෑතක දී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ විසින් ඔවුන්ගේ ගැඹුරු කනස්සල්ල සහ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවයි එම ඒකාබද්ධ නිවේදනයෙහි දැක් වේ.



මෙම මැදිහත්වීම සඳහා පදනම වශයෙන් ප්‍රකාශිත “මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්” වටා සැකසුනු සාධාරණීකරණය දැඩි ලෙස ප්‍රශ්නසහගත බවත් එය හමුදා ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීම සඳහා සනාථ නොකළ ප්‍රකාශ භාවිතා කළ පෙර අවස්ථාවන්ට – එනම්, ඉරාකයේ සමූලඝාතක ආයුධ ඇති බවට නැගුනු චෝදනාවන්ට; සමානකම් දක්වන බව ද ඔවුන් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ එවැනි තර්ක ප්‍රතික්‍ෂේප කරන අතර එවැනි හේතූන් වෙනත් ජාතියක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා ප්‍රමාණවත් පදනමක් ලෙස නොසළකන බව දක්වා ඇත.
ස්වෛරීභාවය, සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැඳි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇත. මෙම මූලධර්මවලට අනුකූලව, මෙම ක්‍රියාවන්ට අප්‍රසාදය පළ කරමින් සහ ගෝලීය බලවතුන්ගේ අනවශ්‍ය බලපෑම්වලින් තොර ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා රටේ කැපවීම නැවත තහවුරු කරමින්, පැහැදිලි සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන්ද එම පක්ෂ ඉල්ලා සිටියි.
වෙනිසියුලාවේ ජනතාව සමඟ අපගේ සහයෝගීතාව නැවත අවධාරණය කරන අතර, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනයට එරෙහිව ක්‍රියා කරන ලෙසත්, සාමය, ස්ථාවරත්වය සහ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු යනුවෙන් එම ඒකාබද්ධ ප්‍රකාශනයේ තවදුරටත් දක්වා තිබේ.
ඒ අනුව ඊට අත්සන් තබා ඇති පක්ෂ සහ නායකයින් වන්නේ,

විමල් වීරවංශ