උණුසුම් පුවත්ක්‍රීඩා

වෙල්ලාලගේ එක්ක විශ්ව බංගලාදේශයට එරෙහිව හෙට (25) පොර පිටියට

දෙවන තරගය එස්. එස්. සී හි දී

බංගලාදේශය හා හෙට පැවත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් හටනට දුනිත් වෙල්ලාලගේ හා විශ්ව ෆ්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර ඇත. 

ගාල්ලේ දී ටෙස්ට් පිටියෙන් සමුගත් ඇන්ජලෝ මැතිව්ස් ගේ පුරප්පාඩුව සපුරමින් දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්කරන්නට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත. විශ්ව ෆ්‍රනාන්දු හෙට හටනට පිවිසෙන්නේ මිලාන් රත්නායක ගේ වෙනුවට යි. 

පළමු ටෙස්ට් තරගයේදී පන්දු යවන අතරතුර වම් පැත්තේ හටගත්  ආබාධයක් හේතුවෙන් මිලාන් රත්නායක දෙවන ටෙස්ට් තරගයට සහභාගී නොවේ.

ධනංජය සිල්වා, පැතුම් නිශ්ශංක, ඕෂද ෆ්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කවිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබන්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ෆ්‍රනාන්දු, විශ්ව ෆ්‍රනාන්දු, කසුන් රාජිත හා ඉසිත විජේසුන්දර යන කණ්ඩායම හෙට බංගලාදේශයට එරෙහිව එස්එස්සී හී දී සටනට පිවිසේ.