ආරක්ෂකඋණුසුම් පුවත්

වෙලේසුදාටයි, බිරිඳටයි තවත් කතකටයි බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිර දඬුවම්

නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තකයි

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ''වෙලේසුදා'' නමැත්තාටත් ඔහුගේ බිරියට හා තවත් කතකටත් කොළඹ මහාධිකරණය විසින් අද දඬුවම් පමුණුවනු ලැබිණි.

ඊට අමතරව  දඩ මුදලක් ද නියම කෙරුණි. නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියෝග කරන ලදි.

ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව යි. මෙම දඬුවම පමුණුවන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනි.