පෙර දා එයා පන්සලට ගියා
මෝරන වෙසක් සඳ කියනා පණිවුඩය
ඇසුනත් නොමැත වෙනදා වූ දංගලය
සතියක් පුරා සිත හරි කලබලය
සොඳුරිය මගේ රෝගීවී ඇඳමතය
හොඳටම සුවය ලබනා තුරුම එයා
ළඟටමවී සිටිම් දියණිය සමඟ මෙයා
රෝහල් එන්න පෙරදා පන්සලට ගියා
තෙමඟුල් දිනේ පන්සලට නොයා
ඉන්නේ කෙසේදැයි බලමි සොයා
- ගාමිණි අබේවර්ධන -
අම්මාවරුනේ!
අහසක් වගේ නිහඬව
දුක් දරාගෙන...
වැස්සක් වගේ නියගයේ
ගිණි නිවාලන...
සයුරක් වගේ දුක
සැප දෙක දරාගෙන...
මව්වරු නැතේ
මතු බුදු බව
පතාගෙන...
- ඇන්ජලා පැල්පොළ -