බිමල්ගෙන් වරාය ගලවා කරුණාතිලකට දෙයි
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් ව කාර්යක්ෂම ව ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරීම උදෙසා සිය අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සංශෝධනය කරමින් අද (10) උදේ අමාත්‍ය මණ්ඩලය පුළුල් කර ඇත.
බිමල් නිරෝෂන් රත්නායක මහතා – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වරාය, සිවිල් ගුවන්සේවා, ඇමතිවරයා සේ ජනාධිපතිවරයා ගේ පාලනයේ ගෙවී ගිය කාලයේ දී වගකීම් දැරූ බිමල් රත්නායක ඇමතිවරයා ගෙන්, එය ඉවත් කොට වරාය හා සිවිල් ගුවන්සේවා ඇමතිවරයා සේ අරුණ කරුණාතිලක මහතා පත් කර ඇත.
ගෙවුණු කාලයේ දී අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
සුසිල් රණසිංහ මහතා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
අද උදේ පත්කරන ලද නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 කි. ඔවුන් අතර එක කාන්තාවක් ද සිටියි. ඇය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් ෙකරුධ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය යි.
අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත් මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනිර් මහතා – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර මහතා – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ මහතා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිඳු සමන් කුමාර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
එම්.අයි.එම්. අර්කම් මහතා – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය