උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

ශ්‍රී ලංකාවට එන්නට හැකිවීම මගේ වාසනාවක්

ලෝක ප්‍රසිද්ධ රිගේ ගායකයකු වන ඇල්ෆා බ්ලොන්ඩෙි කියයි

ශ්‍රී ලංකාව හරිම සුන්දර රටක් මේ රටේ ජනතාව හරිම සංග්‍රහසීලියි.ඒ වගේම මිත්‍රශීලීයි.මෙහි පැමිණීම මගේ වාසනාවක් කියලා මං හිතනවා යැයි ලෝක ප්‍රසිද්ධ රිගේ ගායකයකු වන ඇල්ෆා බ්ලොන්ඩෙි ගයන ශිල්පියා පැවසීය.

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් ඒ නිසා මෙය ඕනෑ රටකට පොදුයි ඒ භාෂාවෙන් ශ්‍රී ලාංකිකයන් අමතන්න ඉදිරි දින කීපයේදී මා බලාපොරොත්තු වෙනවා

දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් මුළු ලෝකයම පිරිහෙමින් පවතින මේ මොහොතේ සංගීතය තුළින් ජනතාව සුවපත් කිරීමට හැකිවීම සතුටට කරුණක්.

අපි කාටවත් වැරදි නොකර හැම කෙනා සමගම සතුටින් ඉන්නවනම් ලෝකයේ පැවැත්ම හොඳින් සිද්ධ වේවි.

ලෝකයේ ප්‍රබලයා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉන්නෙත් බයෙන් කියන එකයි මගේ හැඟීම

අපි කාට හරි වරදක් කරනවා නම් අපි බිය විය යුතුයි අපි කිසි කෙනෙක්ට වරදක් කරන්නේ නැත්නම් බිය විය යුතු නැහැ

ඊයේ සිනමන් Cinnamon grand හෝටලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එසේ පැවසුවේ ය.