උණුසුම් පුවත්දේශපාලනවිනෝදාස්වාද

ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීරණයට තව දවස් අට යි.

හෑලි කෑලි

තඹුත්තේගම ඕඅයිසී නොකියාම යන්න ගිහින්

තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. - ලංතාදීප පුවතක්

සංස්කාර‍ක -

අනුරයිය‌ ‌ගෙ ඡන්ද වියාපාරෙට සපෝට් කරන්න ගිහිල්ල වෙන්නැති. අර සංවේදී කතාව අහලා.

‘මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය.

එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර මහතා මෙම ප්‍රකාශය කරමින් කියා සිටියේ ඉදිරි වසර දහයක ඇතුළත ඔවුන් බලය ලබාගන්නා බවයි.

සංස්කාරක - ඉස්සර හිටියා බලුහබරො කියල සේවකයින් පිරිසක්. දැන් නැතුව ඇති මයෙ හිතේ

නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක්:දරුවෙක් තුවාල ලබයි. 2024 සැප්තැම්බර් මස 11 ලංකාදීපයෙන් ම උපුටා ග‍ැනීමක්
සංස්කාරක - මහ මනුස්සයා ජනයාට බියෙන් සැකෙන් ‌තොරව හුස්මක් කටක් ගන්න ලබා දීපු අවස්ථාව නැති කරපු නිසා වෙන්නැති. ඒ මනුස්සයා ගැන නං අම්මපල්ලා ඇත්තේ පුදුම දුකක්.

හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි - පුවතක්, 2024 සැප්තැම්බර් මස 11

 ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11) ගොනු කළාය.

සංස්කාරක - ගාණනං මදීය කියලයි අපට නං හිතෙන්නෙ. හොඳ ම හොඳ බෞද්ධ පරම්පරාවකින් පැවත එන ඒ උත්තමාවිය කිසිම වෙලාවක එහෙම දෙයක් කියනව ද අර නලීන් හේවගේ හිටපු දකුණු පළාත් සභා මන්තිරි උත්තමයා වගේ.                                       දරුවන් ඡන්ද වැඩට එපා

2024 සැප්තැම්බර් මස 11 දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම්දෙයි.

සංස්කාරණ - සිරිමා මැතිනියගෙ සමයේ දරුවන් කිසිදු ප්‍රචාරක කටයුත්තකට නොගත යුතු බවට නීතියක් ගෙනැවිත් තිබුණා වගේ මතකයක් තියෙනවා. කොහොම හරි අද වෙන කොට ඒ කිසිවක් නොතකන තත්ත්වයක් නෙවැ රටේ තියෙන්නේ. දරුවන් විකුණල හරි කාසි පණම් පොදි ගහගන්න ඇත්තං කියන මානසිකත්වයක් සමහර අම්මා තාත්තලාගෙ හිත්හතන් වලට පොම්ප කරපු සඟිස්කුරුතියක් 77 න් පස්සෙ ඇති කෙරුණා නෙවැ. පොඩි දරුවන්ට ලොකු ම ලොකු විනාසෙ කොරාන්නෙ ටීවි නාලිකා. අම්මලා තාත්තලත් පොදි ගැහිලා ‍ඉන්නෙ දරුවන් මහ මිනිස්සු වගේ ටීවිවල සෙල්ලං කොරවන හැටි බලන්න.

හැබැයි ඉතින් මැතිවරණ කොමසාරිස්වවරයා කියපු කතාව බැහැර කරන්න ළමා ආරක්ෂාව පිළිබඳ උත්තම උත්තමාවියන්ගෙ වගකීම බව ඒ ගොල්ලන්ටත් අමතක වෙලා තියෙන්නෙ දේසපාලුපත්වීම් කරපින්නන් ඉන්න හින්ද වෙන්නැති                               

‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘

තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නව නම් එයාටත් හිතෙනවා ටික දවසක් යනකොට අපරාදේ ජාතික ජන බලවේගයට තමයි ඡන්දෙ දෙන්න තිබ්බෙ කියලා. අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා

සංස්කාරක - ඇත්ත කතාව අනුර ෂහෝදරයා වැරදුණා" අනුර මහත්තයා කියල තියෙන්නෙ.

අනුර මහත්තයට විතරක් නෙවෙයි අනෙක් කවුරුන් රට භාර ගත්තත් මහා ජනයාට ඉන්න වෙන්නෙ දුකෙන් බව යි අපට නං කියන්න තියෙන්නෙ. රටක සංවර්ධනය කරන්න නං ඉතින් අපේ රටට අවශ්‍ය දේවල් පිට රැටියන්ගෙන් ගන්න එක වළක්කන්නෙ නැතිව කවුරන් කොච්චර කයිවාරු ගැහුවත් දුක ම තමයි අපට උරුම.

මේ රටේ හදන්න පුළුවන් බේත් හේත් 37 ක් ම ලොකු අයියගෙන් ගෙන්න ගන්න අනුමැතිය දීපු කැබිනැට්ටුවක් තියෙන රටක නෙවැ අපි ඉන්නේ.

පවුල් 34 ක ඡන්ද පත්‍රිකා පැහැරගෙන

කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

සංස්කරක -  ඒ පැත්තෙ තාම ඉන්නවලු 88 - 89 පුරුද්ද පුරුද්දක් හැටියට ම හුරු පුරුදු වෙච්චි කට්ටිය.
’’අනුර දවල් හීන දකිනවා’’

2024 සැප්තැම්බර් මස 11 අනුර කුමාර ජනාධිපතිධුරය සම්බන්ධයෙන් දවල් හීන දකිමින් සිටින බවත් උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතුයැයි පවසන බවත් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගමදී පැවසීය.

සංස්කාරක - අනුරයිය විතරක් යැ  ඇයි අපේ පුතාණෝ. ඒ උත්තමයාණන් ගෙ ආර්යාව හෙවත් බාරියාව?

ඇයි මේ උත්තමයා.....

එච්චර විතරක් යැ.... මේ අපිත් දවල් විතරක් නෙවෙයි. දිවා රෑ දෙකේ ම ඉන්නෙ දවල් හීන දැක දැක බල බලා නේ.

ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තැබු සමිත ලංකාවට 

2024 සැප්තැම්බර් මස 11 ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

සංස්කාරක 
සමිත පුතේ උඹට මේන් අපේ උත්තමාචාරය.
සමස්ත ජාතියේ ම ප්‍රණාමය!!! තව තවත් ඉදිරියට ම යන්න සුබාසිංසන!!!

උඹට පුතේ සුමුදු දුල්ෂාන් කොඩිතුවක්කු පුතේ යෝදබල යෝද සවිය යෝද විරිය තව තවත් ලැබෙන්නට ඕනෑ... හෙළදිව අපි එහෙම පතනවා උණුසුම් හදවත්වලින් ම උඹට!!!

රනිල් දින්නොත් මහ ඡන්දේ කල් යයි?

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට පුරා පැවැත්වෙන ජනාධිපති ප්‍රචාරක රැස්වීම් මාලාවට එජාප කථිකයන් සහභාගි කර නොගැනීම පිළිබඳ එජාප සංවිධායකයෝ කනස්සල්ලෙන් පසු වෙති. පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් ජනාධිපති රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳ සිටීම එජාපය නොසලකා හැරීමක් ලෙස ඔවුහු සලකති.

ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත් මහා මැතිවරණයට පෙර පළාත් පාලන ඡන්ද විමසීම පවත් වන බවත් ඊට සූදානම් වන ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණේ එජාප සංවිධායකවරයකුට පවසා තිබේ.

සංස්කාරක  - හ්ම්... අනේ මන්ද? මහා ඡන්දෙ හෙවත් දියවන්නා හෝ‍ය තරණය කිරීමේ එක

පළාබබාලා ගේ එක දෙක යැ ගංසබාවේ මැම්බර් උන්නැහෙලා තෝරා ගන්න එක තුන යැ. මේ ඡන්ද තුන නැත්තං ඉතින් අපි මක්ක කොරන්නැ දැ. ඒ ගොල්ලන්ට සැප විඳින්න ම හීන දකින අපි නේ ද?

සල්ලි කෝටි ප්‍රකෝටි ගාණක් අච්චු ගහල හරි කොරමු අපි ඡන්ද. නැත්තං 13 වැනි විවස්තාවට ප්ලස් එකතු කරන්න බැහැ නෙවැ.

හනේ ඉතින් ලෙඩා මැරණත් බඩ සුද්ද වෙනව නං තව කෝටි දාහේ ඒවා තුන හතරක් වියදම් වුණත් මොකෑ.

අයි.එම්.එෆ් එකට ගිහින් හිඟා කාගෙන ඇවිදින් හරි ඡන්ද තියලා තව තව හොරු බුරුතු පිටින් පත් කොර නොගැන කොහෙමදැ දෙයියනේ මේ රට සංවර්ධනේ කොරන්නේ