කාසල් රෝහලේ මාස තුනකින් පහසුකම් ලැබේවි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතියේ ප්‍රථම වතාවට නළදරු පරීක්ෂණ පහසුකම් හෙවත් (I. V. F) ප්‍රතිකාර ක්‍රමය හදුන්වාදීමට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල කටයුතු කර හමාර ය..
ඉදිරි මාස තුන ඇතුළත මෙම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රකාශ කළේ ය..
මෙම I. V. F ප්‍රතිකාර ක්‍රමය සිදුකිරීමට නියමිත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇති බවත්, එයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැයකොට ඇති බවත් ඔහු පැවසී ය.
රසායනාගාරයේ දී ඩිම්බයක් සහ පුරුෂ ශුක්‍රාණුවක් සංසේචනය කර එය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම මේ ප්‍රතිකාර මඟින් සිදු කෙරේ.
පැළෝපීය නාලයේ අවහිරතා, ශුක්‍රාණු මදිකම සහ හෝමෝන ගැටලු සහිත අඹු සැමියන්ට මෙය සාර්ථක විසඳුමක් බවත්, මෙතෙක් පෞද්ගලික රෝහල් කිහිපයකට පමණක් සීමාවී තිබු මේ දියුණු වෛද්‍ය පහසුකම් සාමාන්‍ය ජනතාව වෙතත් සමීප කිරීම මෙමඟින් සිදු කෙරෙන බව ද රෝහල් අධ්‍යක්ෂ දන්තනාරයන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
