ව්‍යාපාරික

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2024 සඳහා ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරයි

ව්‍යාපාර තේමාව: විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්ව

2024 වර්ෂය සඳහා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය ජනවාරි මස 1 වැනි දින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරණු ලැබුවේ ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් ය. මෙම අවස්ථාවේදී 2024 වසර සඳහා වන ආයතනයේ ව්‍යාපාරික අරමුණු කරා රැගෙන යන තේමාව වන ‘විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්වය’ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන කාර්යාලයේ උත්සවයට සමගාමීව දිවයින පුරා සියලුම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා වලදී ද ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සව පවත්වන ලදී. එසේම ශාඛා ජාලයේ කාර්යමණ්ඩලය වෙනුවන් ප්‍රධාන කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සව කටයුතු සජීවීව විකාශනය කිරීමද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විශාලතම සහ ශක්තිමත්ම රාජ්‍ය රක්‍ෂණ සමාගම ලෙස වසර 62ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරයි. රක්ෂණ ක්ෂේත්‍රයේ සමබරතාවය සහ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන් තම දායකත්වය රක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දී තිබේ. 2023 වසර පොදුවේ ගත් කල සියලුම ව්‍යාපාර වලට අභියෝගාත්මක වසරක් වූ අතර එම අභියෝග වලට සැලසුම් සහගතව මුහුණ දෙමින් එම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්වී ඇත. 2023 වසර පුරා ලබා ඇති ජයග්‍රහණ සහ මුල්‍ය ප්‍රතිඵල මෙය තව දුරටත් තහවුරු කරයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගමක් සතුව ඇති දැවැන්තම වත්කම් සම්භාරයට සහ ජිවිත අරමුදලට හිමිකම් කියනු ලබයි. එසේම රක්ෂණ ක්ෂේත‍්‍රය තුල ප‍්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2022 වසරේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 10.49 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට සමත්වූ අතර මේ අනුව පසුගිය වසර 16 මුළුල්ලේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 92.8 ක අගයක් ගනී. තවද, 2023 වසර අවසානයේ දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත රක්ෂණ අංශය රු. බිලියන 21 රක්ෂණ වාරික අදායම් ලෙසද, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ අංශය රු. බිලියන 23.4 රක්ෂණ වාරික අදායම් ලෙසද වාර්තා කරමින් සාර්ථක වසරක නිමාවක් දුටුවේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ් සී. පෙරේරා මහතා, තම නව වසරේ සුභ පැතුම් පණිවුඩය තුල පැවසුවේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සියලුම සේවකයින්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පසුගිය වසර තුළ සමාගමේ මූල්‍ය සාර්ථකත්වයට සහ බොහෝ ජයග්‍රහණ සඳහා දායක වී ඇති අතර පසුගිය කාලය තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමට මුලික හේතුව වුයේ ද ආයතනයේ ශක්තිමත් පදනම වන එහි කාර්යමණ්ඩලය බවත්ය.’ එතුමා තවදුරත් පවසා සිටියේ, ‘2024 වසර දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත රක්ෂණ සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ ලෙස මං පෙත් දෙකක නව ගමනක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවය. මෙය රක්ෂණ නියාමන අවශ්‍යතාවයක් බවත්, මෙම වෙනස ජීවිත රක්‍ෂණ සහ සාමාන්‍ය රක්‍ෂණ අංශ දෙකටම ධනාත්මක වෙනස්කම් සහ ධනාත්මක වර්ධනයක් ගෙන දෙන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.’

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූත්ගම මහතා තම නව වසරේ සුභ පැතුම් පණිවුඩය තුලින් ප‍්‍රකාශ කල සිටියේ, ‘අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ එහි කාර්යමණ්ඩලය නොසැලී රැකියාව තුල තම කාර්යභාරය හරියාකාරව ඉටුකිරීම හේතුවෙන් සමාගම තවත් සාර්ථක වසරක නිමාවක් අත් කර ගැනීමට හැකි වූ බවයි. නොයෙකුත් අභියෝග හමුවේදී වුව ද සමාගම තම පාරිභෝගික භවතුන්ට පොරොන්දු ඉටු කර ඇති අතර වගකිව යුතු ව්‍යාපාර ආයතනයක් ලෙස පොදු ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් ඔවුන්ගේ ජිවන රටාව ඉහල නැංවීමට හැකිවී තිබේ.’ එතුමා තව දුරටත් පවසා සිටියේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත රක්ෂණ සහ ශ්‍රී ලංකා ඉන්හ්සුවරන්ස් සාමාන්‍ය රක්ෂණ යන ව්‍යාපාර අංශ දෙක මේ වසරේ දී ආරම්භ කිරීමට යන මෙම නව ගමනේදී මුලික තේමා පදමන වන්නේ, ‘විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්වය’ බවයි . මෙහි මුලික හරය වන්නේ ආයතනයේ සියලුම ව්‍යාපාර උපාය මාර්ග සහ සැලසුම් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ඒවා විය යුතු අතර පරිභෝහික අවශ්‍යතාවයන්ගෙන් ඔබ්බට ගිය විශේෂඥ සේවාවන් ලබා දීම තුලින් ගුණාත්මක බවෙන් ඉහල අත්දැකීමක් ඔවුන්ට ලබා දීමට ආයතනයක් ලෙස අප බැඳී සිටිය යුතු බවයි.”

2023 වසර පුරා ද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විවිධ සම්මාන සහ ඇගයීම් වලට පාත‍්‍ර විය. Brand Finance වෙතින් අඛණ්ඩව 6 වැනි වසරටත් වඩාත්ම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය (Most Loved Insurance Brand), වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය (Most Valuable General Insurance Brand) සඳහා පිදුම් ලැබුවේය. එසේම 2023 වසරේ දී වඩාත් අගනා ජිවිත රක්ෂණ සන්නාමය (Most Valuable Life Insurance Brand) සඳහා දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වඩාත් අගනා සන්නාම 100 අතර ට ද මේ වසරේදී ද සුදුසුකම් ලැබුවේය. මීට අමතරව Women Friendly Workplace 2023 සම්මාන උළලේදීි ‘‍Empowering Women Entrepreneurs with Life Insurance Agency’ යන සම්මානය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් විය. තවද, Carbon Footprint Certification සඳහා වන ISO 14064-1:2018 හිමි කර ගැනීම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තාක්ෂණික වශයෙන් ශක්තිමත් බව තහවුරු කරයි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම සමාජීය වගකීම් මැනවින් ඉටුකරන අතර මේ වසරේ දී ද ලෝක ළමා දිනයේ උපත ලද දරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු කළේය. ‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම්‘ ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේදී ද ක‍්‍රියාත්මක වූ අතර 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලදී විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 375 දෙනෙකුට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන ලදී.