උණුසුම් පුවත්ක්‍රීඩාප්‍රමුඛ පුවත

ශ්‍රී ලංකා පිලේ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් දක්ෂත ම පිතිකරුවා සේ ICC නම් කරයි

හේ රිච්මන්ඩ් විදුහලෙන් රටට දායාද කළ තුන් ඉරියව්වෙන් ම දස්කම් වලට හපන්කම් පානා කමිඳු මෙන්ඩිස් ය

ICC ය  ශ්‍රී ලංකාවේ නැගී එන පිතිකරුවෙකු 2024 මාර්තු මාසයේ ICC  ක්‍රීඩකයා ලෙස නම් කෙරුණී. හේ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ය.

කමිඳු මෙන්ඩිස් අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් හා නවසීලන්ත වේග පන්දු යවන්නා මැට් හෙන්රි යටපත් කරමින් 2024 මාර්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා කිරීමකි.

වනිඳු හසරංගට හා ප්‍රභාත් ජයසූරියට පසුව සම්භාවනාවට පාත්‍ර වූ තෙවැනි ශ්‍රී ලාංකිකයා කමිඳු මෙන්ඩිස් ය. මේ යොවුන් පිතිකරඅවා පන්දු යවන්නා තමන් ලද සම්මානය දකින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ අනාගතය සඳහා උණුසුම් දිරිගැන්වීමක්, ආශ්වාදයක් ලෙසිනි.

"ICC විසින් මා නම් කිරීමට ගැන මං අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආශ්වාදයක්" කවිඳු ප්‍රකාශ කරයි. “මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස අපව පොළඹවන අතර කණ්ඩායම, රට සහ ක්‍රීඩා ලෝලීන් උත්තේජනයක් ලබා දීමට වැඩි වැඩියෙන් ක්‍රියා කරාවි.

"මා සමඟ නම් කළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැට් හෙන්රි විශිෂ්ට ක්‍රීඩකයින් සහ හොඳ තරඟකරුවන් ලෙසයි මං සලකන්නේ."

2022 වසරෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි 25 හැවිරිදි කමිඳුට එය මතකයේ නැවත පැමිණීමක් විය. බංග්ලාදේශයට එරෙහි තරඟ තුනකින් යුත් තරඟාවලියේ දී මෙන්ඩිස් ලකුණු 68 ක් ලබා ගත් අතර 2022 වසරෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි 25 හැවිරිදි කමිඳුට එය මතකයේ නැවත පැමිණීමක් විය. බංග්ලාදේශයට එරෙහි තරඟ තුනකින් යුත් තරඟාවලියේ දී මෙන්ඩිස් ලකුණු 68 ක් ලබා ගත් අතර දෙවන T20I පන්දු 27කදී ලකුණු37 ක් ලැබී ය..

එකම ප්‍රතිවාදීන්ට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක එකතු කරගනිමින් සුවිශේෂී දස්කම් දක්වමින් මේ ක්‍රිඩකයා ලංකා ධජය ගුවනේ ලෙලවන්නට සිය හැතියාවෙන් උපරිම මෙහෙයක් කළේ ය.

ශ්‍රී ලංකාව ලකුණු 57/5 ක් ලෙස දැඩි අසීරුතාවයකට පත්ව සිටියදී පන්දුවට පහරදීමට පැමිණි ඔහු ධනංජය ද සිල්වා සමගින් ලකුණු 202 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූ අතර කණ්ඩායමට ගෞරවනීය ජයග්‍රහණයක් ලබා දීමට සිය ශක්තිය වැය කෙළේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරමිනි.

බංග්ලාදේශය ලකුණු 188 කට දවාලීමෙන් පසු ඔවුන් දෙදෙනා නැවත වරක් නරඹන්නන් කුල්මත් කළ අතර තනි තනිව ශතක සමඟ බංග්ලාදේශය මත ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු කළහ. ලකුණු 126/6 ක් ලෙසින් අංක 8 ස්ථානයේ පන්දුවට පහරදෙමින් සිටි මෙන්ඩිස් හතරේ පහර 16 ක් සහ හයේ පහර 6 ක් සමඟින් සිය දිවියේ හොඳම ලකුණු 164 ක් රැස් කළේය.

එසේ කිරීමෙන් මෙන්ඩිස්, එක් ටෙස්ට් තරගයකදී ශතක දෙකක් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වන්නේ අංක හතේ හෝ ඊට පහළින් පන්දුවට පහර දෙන පළමු ක්‍රීඩකයා ලෙසයි.

ලකුණු 418 ක් ශ්‍රී ලංකාවේ පිති හරඹකරුවන් රැස් කළ අතර බංග්ලාදේශය ලකුණු 182 කට දවාලීමට සමත් කම් පෑහ. ලකුණු 328 ක දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට පිතිකරුවන් ද පන්දු යවන්නන් ද පන්දු රකින්නන් ද කළ කැපකිරීම ඉමහත් ආශ්වාදයක් ක්‍රීඩාලෝලීන්ට ලබා දෙන්නට සමත් විය.