උණුසුම් පුවත්

ශ්‍රී ලංකා මාක්ස්වාදී පර්යෝෂණය ආයතනය ඇර

ලෙනින්ගේ 154 වැනි ජන්ම දින සැමරුමට සමගාමීව ඇරඹුණු අලුත් වැඩක්

ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර්් විප්ලවයේ නියමුවාණන් වූ සෝවියට් සමූහාණ්ඩුවේ නිර්මාතෘවරයා වූ වී. අයි. ලෙනින් ගේ  154 වන ජන්ම සංවත්සරය දිනට සමගාමීව පෙරදිග දේශපාලන විද්‍යායතනයට අනුබද්ධ ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා මාක්ස්වාදී පර්යේෂණ ආයතනයේ සමාරම්භක උළෙල ඉකුත් 22 වැනි දා පැවැත්විණි. 
මාක්වාදී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් විනෝද් මුණසිංහ සහෝදරයා පත්විය.
මානව වර්ගයා සඳහා පොදු සාධාරණ සමාජයක් ගොඩනැගීමේ ශ්‍රේෂ්ඨ පරමාර්ථයට මග පෙන්විය හැකි මතවාදී දායකත්වය වෙනුවෙන් මැදිහත් වීමට ශ්‍රී ලංකා මාක්ස්වාදී පර්යේෂණ ආයතනයට හැකිය . මේ ඒ අවස්ථාව සනිටුහන් කෙරනා ඡායාරූප සටහනෙකි. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී වීරසුමන වීරසිංහ මහතා ඊට එක්වූ අයුරු යි.