උණුසුම් පුවත්කාලීනව්‍යාපාරික

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්

නියෝගය පංච පුද්ගල විනිසුරු මඬුල්ලකිනි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශවීමෙන්  සිදුවූ සමුද්‍රීය පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන්, එම නෞකාවේ සමාගම ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවිය යුතු බවට අද ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට කළේ ය. ඒ පංච පුද්ගල විනිසුරු මඬුල්ලකිනි.

අද දින සිට වසරක් ඇතුළත උක්ත වන්දි මුදල ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලදි. එම වන්දි මුදලට අදාළ පළමු වාරිකය 2025 සැප්තැම්බර් 23 වන විට ගෙවිය යුතු බව උසාවියේ නියෝගය යි.

අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සැදුම් ලද්දේ ය.

මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව, එවකට විෂය භාර අමාත්‍යවරයා වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.