උණුසුම් පුවත්විනෝදාස්වාද

ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ නාද අභිමන් 24 ප්‍රසංගයට ගිය සජිත්

අප රටත් සිලිකන් නිම්නය වැනි මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් කළ යුතු යි - විපක්ෂ නායක කියයි

අද වන විට ඇමෙරිකානු නොවන රටකට අයිති ආයතන කේන්ද්‍ර කර ගෙන නව AI එකක් ආරම්භ කර ඇති බවත් deepseak නම් මෙය chatgpt අභිබවා ගොස් ඇති නිසා අප රටේ ද සිලිකන් නිම්න බිහි කරන මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන නව පරිගණක හා තොරතුරු තාක්ෂණ නිපුණතා කුසලතා ඇති පාරාදීසයක් බවට පත් කළ යුතුබවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මෙහෙයවු නාද අභිමන් 24 උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මීට පෙර තමා මේ පාසලට සුහුරු පන්ති කාමරයක් දුන් බවත් සක්වල හුස්ම තවම නැවතිලා නැති බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙය ආරම්භ කරන බවත් පක්ෂ භේදයෙන් තොරව ආණඩුව විපක්ෂය ඒකරාශි කර ගෙන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පාසල තොරතුරු  තාක්ෂණ ක්ෂේත්‍රයේ ආදර්ශමත් විද්යාලයක් බවට ද පත් කළ හැකි බවත් ලොව දිනන නව තාක්ෂණයක් වන තොරතුරු තාක්ෂණය සැම පාසලකම ක්‍රියාත්මක කළ යුතු බවත් මෙය රජයට පමණක් තනිවම කළ නොහැකි බවත් රාජ්‍ය රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ආදි ියලුම දේ සම්බන්ධ කර ගෙන නවීනතම උපකරණ නව තාක්ෂණ ක්‍රමවේද ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.