ආරක්ෂකඋණුසුම් පුවත්

සංජීව ඝාතනයට සම්බන්ධ වැඩකාරිය ඉන්දියාවට පලා ගිහින්?

මුහුදෙන් පලා ගිහින් යැ යි සැකයක්!

ගණේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටින් පලායන්නට ඇතැයි  මහත් සැකයක් එකී අපරාධය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් විමර්ශකයනට ඇති වී ඇතැ යි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඈ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු අනුව ස්ථාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් විමර්ශකයින් පිරික්සා ඇතත් මේ අපරාධකාරිය ගැන කිසිදු ආරංචියක් හොයා ගන්නට ඔවුනට හැකි වී නැත.

ඉෂාරා සෙව්වන්දි නම්  මේ සැකකාරිය භාවිතා කළ ජංගම දුරකථන ද ක්‍රියා විරහිතව ඇති හෙයින් ඇය පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට මේ දක්වා නොහැකි විය.

 ඇය සම්බන්ධය සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගැනීමට කටයුතු කර ඇති පොලිසිය ඈ නීතියේ රැහැනින් කොටු කර ගන්නට මහත් උත්සාහයක යෙදී සිටියි.

ඈ පිළිබඳ නිවැරදි තොරතුරක් දෙන්නකුට රැපියල් ලක්ෂ 12 ක මුදලක් පිරිනමනා බව පොලිසිය ඉකුත් දිනෙක නිවේදනය කළේ ය.