ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි,ජනාධිපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන යුද්ධයෙන් හා විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් පාද අහිමි පිරිස් වෙනුවෙන් කෘත්‍රීම පාද පිරිනැමීමේ සංහිඳීයාවේ පියසටහන් වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





