චීනය තුළ ඇමෙරිකාවටත් වඩා ධනවාදය ක්රියාත්මකයි
සමාජ වාදය යැයි කියා ගන්නා රටවල ඇත්තෙන්ම සමාජ වාදය ක්රියාත්මක නොවන බවත් සමාජවාදී, කොමියුනිස්ට්, සමසමාජවාදී යැයි කියන රටවල් උග්ර ධනවාදය ක්රියාත්මක කරන බවත් චීනය තුළ ඇමෙරිකාවටත් වඩා ධනවාදය ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යූඇන්පිය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවා
රටක් ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න සමාජවාදට මාර්ගය නොවන්නේ යැ යි ද සැබැ මාර්ගය වන්නේ ධනවාදය යැ යි ද සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙහිදි වෙනස් වන්නේ යූඇන්පිය ගජමිතුරු ධනවාදය අනුගමනය කරන විට සමගි ජන බලවේගය මානුෂීය
ධනවාදය අනුගමනය කිරීම යැ යි දවිපක්ෂ නායක ප්රකාශ කරයි.
සජබ අපි විශ්වාස කරන්නේ සමාජ ප්රජාතන්ත්රවාදයයි
සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී ප්රතිපත්තිය බවත් එය මානුෂීය ධනවාදය බවත් ඔහු වැඩිදුරටත් කී ය.
මේ වන විට කැපකිරීම් සිදු කරන්නේ ධනපතියන් නොව වැඩකරන ජනතාවයි
මේ රජය දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදි සුපිරි ධනපතියන් අතහැර වැඩ කරන ජනතාව කරපිට බදු පැනවීම අමානුෂීය ධනවාදයක් බව ද බංකොලොත් රට තුළ කැපකිරීම් සිදු කළ යුතු නමුත් එම කැපකිරීම් සියල්ල වැඩ කරන ජනතාව කරපිට පටවා සුපිරි ධනවතුන් ආරක්ෂා කරන අමානුෂීය ක්රමවේදයේ සමගි ජන බලවේගය නොමැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව සජබය සහ එජාපය අතර විශාල වෙනසක් ඇතැ යි කී ඔහු මෙම පක්ෂ දෙක කිසිසේත්ම එකක් නොවන්නේ යැ යි ද සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (14) මාතර පැවැති සමගි ජන බලවේග ආර්ථික ප්රතිපත්ති එළිදැක්විමේ Blue Print වැඩසටහන හා එක්වෙමිනි.
