ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තීන්දු තීරණ ගැනීමෙන් ලොකු අමාරුවක වැටෙනවා.
‘‘ජුලි මස 24 වැනිදා විනිසුරුවරු තුන්දෙනෙකුන් සමන්විත විනිසුරු මණ්ඩලයකින් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ පත්වීම පිළිබඳව අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නා. මූලික අයිතිවාසිකම් පිළිබඳව අධිකරණ බලය සහ එම බලය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
ඒ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත් කරන පෙත්සමකට විභාගය කර තිරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. හේ වැඩි දුරටත් මෙසේ ද කීයේ ය.
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ක ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පත්කළ යුතු පත් කිරීම් අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත්කළ හැකි පත්කිරීම් තිබෙනවා ඊට පොලිස්පතිවරයාගේ පත්කිරීමත් ඇතුළත් වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් නෙවෙයි අන්තර්වාර නියෝගයක් ලබාදීලා තිබෙනවා. වැඩිදුර විභාගයට දිනයක්ද ලබාදිලා තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ගරු කරමින් පොලිස්පතිවරයාගේ පත්කිරීමේ ක්‍රියාවයක් ක්‍රියාත්මක කිරිමයඑය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා.
ත්‍රි පාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය බලය බෙදා දී තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රධාන කුළුණු තුන සංවර්ණ සහ තුළණ වලට යටත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහහැරලා පිළිපදින්නේ නැතිව අහිතකර තීන්දු ආවොත් ඒවාට විරුද්ධ වන්නටත් පක්ෂපාති තීන්දු ආවොත් ප්‍රශංසා කරන්නටත් අහිතකර තීන්දු පැමිණියොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුද්ගලීකරණයට ලක් කරලා හිතුමතේට තීන්දු තීරණ ගන්න පුලුවන්ද? මොකක්ද මේ රටට වෙන්නේ. ඔබතුමා බුද්ධිමත්ව මේ පිළිබඳව කටයුතු කළ යුතුයි ගන්නා තින්දු තීරණවල අපි සියලු දෙනාට සහ රාජ්‍ය සේවයේ සිටින සියලුම දෙනාට පලවිපාක විදින්න සිදුවෙනවා. ඒ බව හොදින් අවබෝධ කර ගන්න ඕන.
ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තීන්දු තීරණ ගැනීමෙන් ලොකු අමාරුවක වැටෙනවා. දේශපාලඥයින්ට අනිතික ක්‍රියාදාමයන් තුළ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම තුළ ඒවායේ ඵල විපාක විඳින්න සිදුවෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වලංගු නොවේ කියලා කියනවා. කොහොමද එහෙම කියන්නේ. 126 වන ව්‍යවස්ථාව අනුව මුලික අයිතිවාසිකම් පිළිබඳව තින්දු තිරණ ගැනීමට අයිතිය තිබෙනවානම් කොහොමද වලංගු නොවේ කියලා කියන්නේ. නෛතික පදනමක් නෑලු. ඒ තින්දුව පිළිගන්නේ නෑලු. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම පිළිපදිමින් ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි.
ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදුන් පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිල්ල පොලිසිය පාලන කරනවා. එහෙම කරන්න පුලුවන්ද? එය සම්පුර්ණයෙන්ම වැරදි කටයුත්තක්. ශෝක යෝජනා ඉදිරිපත් කරන්න තිබෙන මොහොතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ශෝක යෝජනාව කරන්න සිදුවෙලා තියෙන්නේ.
අගමැතිවරයාත් රාජකීය විද්‍යාලයේ මමත් රාජකීය විද්‍යාලයේ. රාජකීය විද්‍යාලයේ දරුවන් ඉදිරිපිට රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය වලංගු නෑ කියලා. නෛතික පදනමක් නෑ කියලා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් මේ මොහොතේ දේශපාලනය දෙස බලන්න එපා , දේශපාලන නායකයන් දෙස බලන්න එපා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවට සහ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට ගරු කරන්න.
නීති රීති අකුරට තිතට ක්‍රියාත්මක කරන්නට රටේ පුරවැසියන් සියලු දෙනා බැඳී සිටිනවා. රාජකීය විද්‍යාලයේ රාජකීය ඉදිරිපිට රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කළා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රාජකීය විද්‍යාලයේ දරුවන් ඉදිරිපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා.‘‘
