උණුසුම් පුවත්

සජිත් උතුරේ දී

ලෝකයේ සෙසු රටවල මෙන් අප රටේත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන ශ්‍රමිකයන් බිහිකරන්නට

 

බහුතරයක් කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය රැකියා ලබා දිම ප්‍රතික්ෂේප කරන බවත් එයට හේතුව ඔවුන් නව තාක්ෂණයෙන් නව දැනුමෙන් සන්නද්ධ නොවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 11) යාපනය මනිපයි සෙන්දිලිප්පායි හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 231 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අවස්ථාව සඳහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සහ සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමාචන්ද්‍ර ප්‍රගාශ් මහත්මියද එක් විය.

වෛද්‍යා, පරිගණක, තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයට රැකියා ලැබුණත් කලා උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් එයට හේතුව විෂය නිර්දේශයේ ගැටලු බවත් මේ නිසා 50000 උපාධිධාරීන් මහපාරේ සිටින්නේ ඒ අයගේ වරද නොව අධ්‍යාපනය ක්‍රමයේ වරද නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කළ යුතු බවත් නව යුගයට ඔබින්නේ තොරතුරු තාක්ෂණ,ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනට මිස සිංහල පමණයි දමිළ පමණයි නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.