උණුසුම් පුවත්

සජිත් ගෙන් සුහුරු පන්ති කාමර 357 යි මේ වෙනකොට

ළමා දරිද්‍රතාවයෙන් පෙළෙන කොට අපිට බලා සිටිය නොහැකියි

රටේ දරුවන්ගෙන් 25% ක් ළමා දරිද්‍රතාවෙන් පෙළෙනවා. රජයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ළමා දරිද්‍රතාව සමාජයේ කොන් වු මාතෘකාවක් වී ඇති බවත් ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන අනුව අප රටේ දරුවන්ගෙන් 25% ක් ළමා දරිද්‍රතාවයෙන් පෙළෙන කොට අපිට බලා සිටිය නොහැකි බවත් සංඛ්‍යා ලේඛන අනුව බහුමාන දුගී භාවයට 42% ක් දරුවන් ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර සංගණන හා සමීක්ෂණ හරහා මේවා අනාවරණය වී ඇති බවත් ළමා දුගී භාවය තුරන් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ළමා දුගී භාවය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ළමා දුුගී භාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර දිස්ත්‍රික් 25ම මේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ දොම්පේ රදාවාන මහගමසේකර මහා විද්‍යාලය සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 357 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

නැතිබැරිකම නිසා දරුවන් පාසල් නොයාමත්, එම නිසා නිශ්චිත අධ්‍යාපනයක් නොලැබීමත්, ඒ නිසා විභාග සමත් නොවීමත්, රැකියා නොලැබීමත් නිසා දුගී භාවය ඇති වන බවත් මෙය ළමා දුගී භාවයේ විෂම චක්‍රය බවත් මේ ගැන රජයෙන් වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපේ යුතුකම හා වගකීම වන්නේ මෙය තුරන් කිරිමට පිළියම් යෙදීම බවත් මේ සංවේදී ගැටලුවට විසඳුම් අවශ්‍ය බවත් අපගේ දූදරුවන්ට වේල් 3 වත් නොලැබී යන බවත් පන්ති කාමරවල ක්ලාන්ත වන යුගයක් ඇති බවත් මේවා දැක දැක ප්‍රතිපත්ති සම්පාදකයන්ට අහක බලා සිටිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජනබලවේග රජයක් තුළ ළමා දුගී භාවය තුරන් කිරීමට විශේෂිත වූ ජාතික වැඩපිළිවෙළක් දියත් කරන බවත් ජාතික ළමා දුගී භාවය තුරන් කරන වැඩසටහන හරහා මෙරට සියලුම දූදරුවන් තමන්ගේම දූදරුවන් සේ සලකා රටෙ ප්‍රධානියා කටයුතු කළ යුතු බවත් මේ දැවැන්ත මර උගුලින් මුදවා ගැනීමට තමා නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම වීදියේ මාවතේ ගමේ නගරයේ දුකින් පෙළන අපේ දරුවන්ට යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බවත් ළමා දුගී භාවය යන විෂම චක්‍රය රටෙන් තුරන් කරන්න කටයුතු කරන බවත් ජාත්‍යන්තර ආයතන, UN unicef, WHO වැනි ආයතන මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එකට එකතු කර ළමා දුගීභාවය තුරන් කිරීමට පැහැදිළි ශක්තිමත් ව්‍යාපාරයක් දියත්  කරන බවත් දරුවන් අප රටේ සම්පත බවත් දරුවන් ලෙඩ වුවහොත් රටේ දියුණුව කඩා වැටෙන බවත් එම නිසා මේ විශම චක්‍රයේ සදාකාලික සිරකරුවකු නොකර මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89 ක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථ 89 ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342 ක් ද  සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 357 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3968 ක් වැය කර තිබේ.