පක්ෂ හා කණ්ඩායම් 10 කට වැඩිය සන්ධානයට ගොනු වේ
ශ්‍රී ලංකාවේ පවතින ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාව් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමගි ජන බලවේගය හා එක්ව සමගි ජන සන්ධානය අද (8) ගිවිසුම්ගතව ජනතාව අතරට ප්‍රවිෂ්ට විය.
සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ සහය පළකිරීමේ අරමුණින් මෙම නව සන්ධානය එළිදැක්විණි.
ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ, සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්වූූූයේ අද උදේ පැවති සන්ධානගතවීමේ උත්සවයේ දී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී එල් පීරිස්, අර්ජුන රණතුංග, වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.
ප්‍රධාන දේශපාලන පක්ෂ වලට පරිබාහිරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ගණනාවක නියෝජිතයින් විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගතවීම දැගතහැකි විශේෂ සිද්ධියි.