සතුට, සාමය, සෙනෙහස, දයාව, මෛත්‍රිය හැම හිතක ම ඇති වේවා!!
මීන රාශියෙන් මේෂ රාශියට
හිරු දෙවිඳුගේ පැමිණීම කියන්නට
හෙළ කුල සිරිතට නැකත් කරන්නට
එක්වෙමු සැමදෙන අවුරුදු දවසට
ඔංචිල්ලි වාරම් යසට ගයන්නට
පංචි දමා සත පහක් දිනන්නට
චක්ගුඩු කිය කියා ඉපනැල්ලේ දුවන්නට
එක්වෙමු අපි සැම අපෙ මහගෙදරට
වළලපු රඹකැන් වළෙන් ගොඩට ගෙන
කැවුම් කොකිස් මුං අලුවා හදා ගෙන
අවුරුදු මේසය ජයට සරසා ගෙන
සතුට බෙදා ගමු හැමදෙන පිළිගෙන
වෙල් ඉපනැල්ලේ දුව පැන නටලා
රබන් සුරල් පද අගේට ගහලා
විනෝද සාගරේ පතුලේ කිමිදිලා
අවුරුදු කාලේ සතුට ඉතිරිලා
පාට පාට රෙදි වලින් සැරසිලා
සුහ නැකතින් කිරි බතක් උයාලා
වැඩ අල්ලා ගනුදෙනු නිම කරලා
බුලත් හුරුලු ගෙන දෙගුරුන් වැඳලා
අපි යමු පන්සල් සුදු පිළි ඇඳලා
-
ඇන්ජලා පැල්පොළ -
