ග්රීසියේ බැඳුම්කරවල රජයේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් රජයට පාඩු වූ මුදල ගෙවන බවට තමන් කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
එමෙන්ම තමන් වරද පිළි වරද පිළිගැනීමක් කිසිසේත්ම සිදු කරන්නේ නැති බවද තම නීතිඥයා විසින් අධිකරණයට ප්රකාශ කරන ලද බවද ඒ මහතා කියා සිටී. මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ වාර්තාව සිය සමාජ ජාල ගිණුම ඔස්සේ ප්රසිද්ධ කරමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.
මෙම කරුණ පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු ගෙවීම කිරීමට තමන් එකඟතාවයක් පළ කරන්නැති බවද හෙතෙම තවදුරටත් සදහන් කර ඇත.
උපුටා ගැනීම - ලංකා සි නිවුස් වෙතිනි
