උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

සබ්බේ තසන්ති දණ්ඩස්ස

චම්මිගෙ හිතිවිලි

 

අපි කතා කරන්නෙම අසාධාරණය ගැන.

අපි කතා කරන්නෙම අයුක්තිය ගැන.

අපි කතා කරන්නෙම අවනීතිය ගැන.

අපි කතා කරන්නෙම දූෂණ ගැන.

අසුබවාදී දැක්මෙන් අපේ හිත් පිරිල.

ඒ නිසා හැම දෙයක්ම පේන්නේ රුවිතෙට.(රුයිතෙට  )

ඒක හරියට " අතෑරෙන දීගේ හෙවැණැල්ලත් ඇදැයි "කීවා සේ.

ඒ විතරක් නොවෙයි අපි අද ඒ පුරුද්ද නිසා හැම යහපත් දේක උවත් බලන්නේ කියන්නේ එහි ඇති නරක ගැන.

ඒ නිසා අපේ හිත්වල මෝදුව ඇත්තේ ඇත්ත දැකීමේ හා විඳීමේ සිත නොවේ. වැරදි දැකීමේ කෝප සහගත සිතුවිල්ලයි. අනෙකාට ඇඟිල්ල දිගු කර සතුටු වීමේ උරුමයයි ඉන් සොයන්නේ. නව සමාජයට අනුව එය ' 'ආතල්' ගැනීමකි. එයට ඇබ්බැහිවීම නිසා එය අද පළි ගැනීමකි. එය නිවැරදි දේ කිරීමට හෝ සාධාරණය, යුක්තිය, නීතිය, සුපිරිසිදුබව ඇතිකිරීම හෝ නොවේ.

තමා නිවැරැදියි කියන ආත්මාර්ථය ( Ego ව) ප්‍රදර්ශනය කරවීමකි.  එය ගැඹුරින් විමසා බැලීමේදී වයිරය පිරිමැසීමකි. දඬුවම් සොයන්නේ, මවන්නේ හා දෙන්නේ එනිසා ය.  දඬුවම් දීමෙන් වරද නිවැරැදි නොවේ. එසේනම් එය යළි සිදු නොවිය යුතු ය.

මෙතෙක් ආණ්ඩු පහ හයක් දුටුවෙමි. ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී හා ලෙනින් එංග්ල්ස්වාදී විප්ලව පාලන දුටුවෙමි. යුද්ධය සමග ලිත්වර්ෂ වලින් වසර විසි අටක් ගෙවූයෙමි. දශක හතක් ඉක්ම වූ කාලයක් මා මෙන්ම ඔබද ගත කළ මේ  දවස වරදට දඬුවම් ලැබ ඉන්පසු ඒ ක්‍රියා සමාජයෙන් දුරුව ගිය බව දුටු කිසිවෙකු ඇද්දඒ වෙනුවට එය පංති වයිරයක් නොව පක්ෂ වයිරයක් වී ඇදෙන බව නොවෙද අපි අදත් දකින්නේ.......?

ඒ ඇයි.................

මොනවද මේ වෙලා තිබෙන්නේ...?

මොනවද මේ කරන්නේ..?

කවුද ....මේ......?

මේ පෙන්වන්නේ වැරදි කළ එකත් දඬුවමට බිය බවත් වැරද්දට දඬුවම් දෙන්නට යන්නත් වරදට නොව වැරදි කළ එකාට බිය බවත් නොවේද?

"සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තාන උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ."
"සියල්ලෝම දඬුවමට බිය වෙත්. සියල්ලෝම ජීවිතය ප්‍රිය කරති. තමා උපමා කරගෙන අනෙකා නොතැළිය යුතුය. නොමැරිය යුතුය. නොමැරවිය යුතුය''

කියා බුදුන් වහන්සේ එදා දෙසුවේ අදටත් වලංගු දහම නොවේ ද?

මේ මොහොතේ ලොව පුරා රජයන්නේ මිනිසා විසින් මිනිසාට සේවය කිරීම හෝ ප්‍රේම කිරීම හෝ සංවර්ධනය කිරීම හෝ සේවය කිරීම නොවෙයි. අනිකාට වඩා තමා හොඳියි යන්න දැක්වීමේ ඇති නොදැමුණු සිත පෙන්වීමයි.

වරදට දඬුවම් දීමේදී ඇතිවිය යුත්තේ එය යළි නොවීමේ හෝ සිදුකළ වරදින් සිදු වූ හානිය ප්‍රතිපූරණ කිරීමකි. එය භෞතික හෝ අධ්‍යාත්මික විය හැකිය.

මන්ද දැඬුවමට බිය නැත්තෙක් නැත. එහෙත් අප එහෙම නොවෙයි. අපි එහෙම නොකරමු කියා වරද කරුවන් සොයා සොයා ගොස් තැළීම හෝ මැරීම වරද මැරීමක් නොවේ. කළයුත්තේ එයයි. එහෙත් අද ලොව පුරා සිදුවෙන්නේ තමාගේ සිතේ ඉන්නා නිවැරදි නොවූ සර්පයා ජීවත් කරවීම හා නඩත්තු කරවීමයි.

එය එක් අතකින් සිදුවිය යුතු මූලික කාරිය කල් දැමීමක් හෝ අමතක කරවීමකි.

එය යහපත් සමාජයක විය යුත්තක් නොව මොසාර්ඩ්වාදී, මැකියාවලි අන්තවාදීව කියවීමකි.

වරදට නීතියේ ඇති දඬුවම ඉක්මවා බලය නම් වූ තම  'හණ' එම දඬුවමේ කංචුක චිත්‍රය කිරීමට යාමෙන් සායම යන්නේ කාලයේ හා ජන ජීවිත පැවත්මේ බව අපි අමතක නොකළ යුතුය.

'මරිය මග්දලේ'න් ට ගල් ගැසූ මිනිසා හෝ මිනිසුන් විය යුතුද අපි.................? එදා ඔවුන් මග්දලේනාට වඩා වරද කරුවන් බව දෙවියන් වහන්සේ ඉදිරියේ දීම පිළිගත්තා සේ අද සිදුවන බොහෝ දෙයින් තමන්ගේ නිරුවත  අපි නොදැක අනුනට එය නොපෙන්වමුද?
"ආං  රජ්ජු‍රුවා හෙළුවෙන් අලියා පිටේ" යැයි දරුවෙකු එදා කීවේ ඇයිදැයි අපි අපෙන් ගැඹුරින්ම විමසිය යුතුව ඇත.
චම්මින්ද වෙලගෙදර
.
19-07-2025.