සාහසිකයින් ඉලක්කය ගත්තේ ලියුමක් අත්සන් කර ගන්නට ආ මුවාවෙන් - මහජන දිනය පැවැත්වෙද්දි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සභාපති පුටුවේ අසුන්ගෙන සිටියදී ම අද (22) උදේ සාහසිකයකුගේ විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. ඔහු මෙසේ ඝාතනය කරන ලද්දේ වැලිගම ප්‍රදේශයේ ජනතා ගැටලු ගැන විමසා බලමින් සිය 'මහජන දිනය' පවත්වමින් සිටිය දී ය.
මිදිගම ලසා නමින් හඳුන්වන්නා වූ ඔහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සේ පත්වූයේ ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ජය ලැබීමෙන්. ඔහු වැලිගම ප්‍රාදේශීය සභා මැතිවරණය තරග කරන ලද්දේ සමගි ජන බලවේගයෙනි.
දඩයක්කරුවා ඉලක්කය ගෙන ඇත්තේ සභාපතිවරයා ළඟට ම ගොසිනි. ඒ ලියුමක් අත්සන් කර ගන්නට පැමිණි මුවාවෙන් බව ආරංචි මාර්ග කියයි
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් ලසන්ත වික්‍රමසේකර මහතා ට වෙඩි ප්‍රහාර එල්ල කොට පලා යන ලද්දේ මහජනයා බලා සිටිය දී ම ය.
වෙඩි වැදී බරපතල තුවල ලද ඔහු රෝහල්ගත කළ ද ඝාතකයින් විසින් ඔවුන්ගේ ඉලක්කය සාර්ථක වී යැ.
